hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අප්‍රේල් 17, පෙ.ව. 10:22



හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රත්මලාන ගුවන් තොටුපොළින් රටින් පිටව ඇති බවට ඊයේ (16) රාවයක් පැතිරුණා.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ.

සමීපතම පුද්ගලයා

එහෙත් එය අසත්‍යක් බව බැසිල් රාජපක්ෂ මහතාට වඩාත් සමීපතම පුද්ගලයකු තහවුරු කර තිබෙනවා.

ඒ බැසිල් රාජපක්ෂ මහතා නිර්මාණය කළ පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතායි.

බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක ප්‍රතිකාර ලබන බවයි කාරියවසම් මහතා සඳහන් කරන්නේ.

සෞඛ්‍ය තත්ත්වය

බැසිල් රාජපක්ෂ මහතා ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද කාරියවසම් මහතා කරුණු හෙළිදරව් කොට තිබෙනවා.

ඉකුත් සතියේදී බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත් ඒ අනුව රෝහල්ගත වූ රාජපක්ෂ මහතා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවටයි.

බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කාරියවසම් මහතා පළ කළ මෙම අදහස් වාර්තා කර තිබුණේ ඉංග්‍රීසි බසින් පළවන ජාතික පුවත්පතක්.

උද්ඝෝෂණකරුවන්ගේ ඉල්ලීම

බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වූ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරිම මේ වන විට කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන උද්ඝෝෂණ වල ප්‍රධාන ඉල්ලීමක්.

ඉකුත් 4 දා සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස් වූ අවස්ථාවේ එසේ ඉල්ලා අස් වීම බැසිල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: