hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 12, පෙ.ව. 3:49



තමා පසුගියදා පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්න බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ ‍පෙරේදා(10) කළ ප්‍රකාශයට පැය 24 ක් ගතවන්නට පෙර එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව පැවසීම විශේෂත්වයක්.

ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්ය බහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙස වීමත් හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්ත්වයත් මත මෙම ප්‍රකාශය තමන් අතින් සිදුවී ඇති බව සභාපතිවරයා අවධාරණය කරනවා.

ඊයේ තමන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිතුමාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිදුවූ බලපෑමක් නිසා නොවන බව ද එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ රූපවාහිනි නාලිකාවට අදහස් පල කරමින්.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පෙරේදා (10) කෝප් කමිටුවේදී මෙසේ සඳහන් කර තිබුණා.

‘ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මම හිතන්නේ ගිය නොවැම්බර් 24 වැනිදා වගෙ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දිය අගමැති මෝදි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවයි කියලා. පස්සේ මම ඒ වේලාවේ කිව්වා මේකේ මේ මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.නෑ නෑ ඔයා මේක. මම ඒ හින්දා ලියුමක් ලියලා දැන්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවාය කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කර ගන්න. මේක විදුලිබල මණ්ඩලයට අදාල ප්‍රශ්නයක් නෙමෙයි කියලා’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: