hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 23, ප.ව. 12:59



මැයි මස 9 වැනිදා සිද්ධියට අදාළව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව කටයුතු කරන බව අධිකරණයට නිරීක්ෂණය වන්නේ යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (22) විවෘත අධිකරණයේ දී සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන විමර්ශන නිලධාරියා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අධිකරණය නිරීක්ෂණය කළ බැවින් එම නිළධාරියා සම්බන්ධයෙන් පෞද්ගලිකව සොයා බලා සුදුසු පියවරක් ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට එහිදී නියෝග කළා.

අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය පැමිණිල්ලට අදාළව කරුණු ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කළා,

“ස්වාමීනි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනෙකුට චෝදනා එල්ල කළා. අවශ්‍ය නම් ලේකම්තුමා ගෙන් උපදෙස් ගන්න කියලා ඔහු කියලා තියෙනවා. ඒ වගේම මේ උපදෙස දැඩිව හිතේ තබාගන්න කියලා ඔහු එම නිලධාරීන්ට අවවාද කරලා තියෙනවා. මේ රැස්වීම පටිගත කරන බවත් ඔහු සඳහන් කර තිබුණා. නීතිපතිවරයා පොලිස්පතිවරයාට යවන ලද ලිපි දෙකක සදහන් කරලා තිබුණා මේ නිලධාරියාගේ ස්ථාන මාරුව සහ ඔහු සම්බන්ධ විනය පරීක්ෂණය ගැන. මෙම සිද්ධියට අදාළව පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශ දෙක මාධ්‍ය වල පල වූ අතර එය තමා දුන් ප්‍රකාශයට පරස්පර බැවින් තමාටත් තමාටත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකටත් නැවත ප්‍රකාශ ලබා දීමට අවස්ථාවක් දෙන ලෙසට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කර ඇති ලිඛිත ඉල්ලීමට අදාළ ලිපිය මේ අවස්ථාවේ දී අවස්ථාවේ දී අධිකරණයට ඉදිරිපත් කර සිටිනවා. මෙහි 29 වැනි සැකකරු පෙර දින නඩුව කැඳවන දිනයේ දී මෙරටින් පිටව ගොස් තිබෙනවා. තිස් වැනි සැකකරු මේ වන විටත් අධිකරණය මඟහරිමින් සිටිනවා. සිද්ධියට අදාලව තවත් සැකකරුවන් පස් දෙනෙකු අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටිනවා.”

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා,

“දේශබන්දු තෙන්නකෝන් මහතා මේ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ යුතුව තිබෙනවා. ඔහු එම ස්ථානයේ සිටියේ සැකකරුවෙකු සමග සුහද කථාවක නිරත වෙමින්. ඔහු එම ප්‍රහාරයට අනුබල දුන්නා කියලා උපකල්පනය කරන්න වෙනවා. පොලිසිය ඔවුන්ගේ යුතුකම ඉටු කරන්නේ නැහැ.”

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා,

“මම කියන කල් කඳුළු ගෑස් ගහන්න එපා කියලා මේ නිලධාරියා පහල නිලධාරීන්ට උපදෙස් දී තියෙනවා.”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපතිවරයාට උදෘත ගොනු කරලා තිබෙනවා. මේ සිද්ධියෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා වගේම තවත් උසස් නිලධාරීන් නිළධාරීන් කිහිපදෙනෙක්ම එතැන ඉඳලා තියනවා.

අධිකරණය,

ඒ නිලධාරීන් වළක්වලා තියෙන්නේ මේ නිලධාරියා නේ. තවත් සුද්ද නොකර ඉන්න. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියලා පෙන්නලා මේ දෙපාර්තමේන්තුව විනාශ කරන්න එපා. වතුර බෝතලයක් අතේ තියාගෙන පාර අයිනේ හිටපු මනුස්සයෙක්ව අද අත්අඩංගුවට අරගෙන ඇවිල්ලා ඉදිරිපත් කරල තියනවා. මොකක්ද මේ නීතිය? මේ සිද්ධිය විමර්ශනය කරන්න ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයතිලක කියලා කෙනෙක්. මෙතෙක් ඔහු අධිකරණයට ආවේ නැහැ. අද ඇවිල්ලා ඉන්නවා. මේ සිද්ධිය ගැන මෙතෙක් කරුණු වාර්තා කළේ සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා කියන නිලධාරියා. මේ නිලධාරියා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අධිකරණයට හැගී ගොස් තිබෙනවා.