hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 15, පෙ.ව. 11:07



සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය යටතේ ඉංග්‍රිසි හා ගණිතය යන විෂයයන් ප්‍රවර්ධන කිරිම සදහා වෙන්කළ මුදලින් රුපියල් 20,474,489ක මුදලක් ව්‍යාපෘතියේ අරමුණුවලට පටහැනිව වැයකොට ඇති බව විගණන වාර්තාවක සදහන් වනවා.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති මෙම වාර්තාවේ දැක්වෙන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ ඉංග්‍රිසි හා ගණිතය යන විෂයයන් ප්‍රවර්ධන කිරිම සදහා 2019 හා 2020 වර්ෂ සදහා රුපියල් මිලියන 35ක් ලබාදි තිබූ බවයි.

එහෙත් ව්‍යාපෘතියේ අරමුණුවලට පටහැනිව දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පුද්ගලික ධාරිතාවය වැඩිදියුණු කිරිම, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ළමා කථාන්දර පොතක් නිර්මානය කිරිම, 5ශ්‍රේණියේ පෙළපොත් සමාලෝචන වැඩමුළු පැවැත්විම  උපකරණ මිලදී ගැනිම වැනි කාර්යන් සදහා රුපියල් 20,474,489ක මුදලක් වැයකොට ඇති බව විගණනය මගින් අනාවරණය වී තිබෙනවා.

කෙසේවුවත් ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට ප්‍රකාශකොට ඇත්තේ මේ සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන ඇති බවයි.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සම්බන්දව 2020 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: