hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 10, ප.ව. 4:32



අද සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ දැනුම්දීම සම්බන්ධයෙන් එකඟ නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ කොරෝනා ව්‍යසනය තුරන් වීමකින් තොරව එලෙස මුඛ ආවරණ අනිවාර්ය නොකිරීම සිදු නොකළ යුත්තක් බවයි.

“පහුගිය කාලය පුරාවට ම කිසිදු ඇන්ටිජන් හෝ ප්‍රතිදේහ පරීක්ෂණයක් ලංකාවේ ඇතුළේ කරලා නැහැ. ඒ නිසා රෝගය තියෙනවා ද නැද්ද කියන එක අනවබෝධයෙන් මෙවැනි අඳුරේ අතපත ගෑම් සම්බන්ධව අපි එකඟ වෙන්නේ නැහැ.”

තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතු බවත් සැක සහිත ස්ථානවල සැරි සරද්දී මුහුණු ආවරණ පළඳින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන් ම, එළඹෙන පොසොන් සමයේදී දන්සල් හා පොසොන් කලාපවලට ආදියට සම්බන්ධ වන පිරිස් මුහුණු ආවරණ පැළඳීම සුදුසු බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත්, රෝගී තත්ත්වයන්ගෙන් පසුවන්නන් මුව ආවරණ පැළදීම තවදුරටත් සිදුකළ යුතුව ඇති බවයි සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ.