2022 ජූනි 25, ප.ව. 5:22
යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයන් විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනකුගෙන් එක් අයෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23 ) මියගොස් තිබෙනවා.
පහරකෑමට ලක් වූ තරුණයන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසුව යාපනයේ උඩුවිල්, චේපමලෙයි කෝවිලඩි ප්‍රදේශයේ පදිංචි සෙල්වරතිනම් ප්‍රසාන් (23) නමැති තරුණයා මෙලෙස මිය ගොස් තිබෙනවා.
මෙම ඉන්ධන පිරවුම්හලේ විශාල පිරිසක් පෝලිමේ සිටියදී ඉන්ධන පිරවුම්හලේ සේවකයන් විසින් අක්‍රමිකතාවක් යටතේ ඉන්ධන ලබාදුන් අවස්ථාවක් ජංගම දුරකතනයකින් වීඩියෝ කිරීම ගැන උරණ වූ සේවකයෝ එම තරුණයන් දෙදෙනාට පහර දී ඇති බව වාර්තා වෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් අදාළ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08