hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අප්‍රේල් 19, පෙ.ව. 10:54



සිපෙට්කෝ ඉන්ධන මිලත් වැඩි කිරිම නිසා එයට විරෝධය පාමින් හැටන් බස් නැවතුම්පොලේ සිට දිනපතා ධාවනයට එක් කරන දුර සේවා ලංගම සහ පෞද්ගලික බස් රථ අද (19) උදෑසන සිට ධාවන කටයුතු වලින් ඉවත් විම නිසා මගි ජනතාව හැටන් බස් නැවතුම්පොලේ නොසන්සුන්කාරි ලෙස හැසිරුණ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

කොළඹ , මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා රක්ෂා සහ පෞද්ගලික ගමන් බිමන් යාමට පැමිණි මගින් පිරිස හැටන් බස් නැවතුම්පොලින් දුර සේවා කිසිදු බස් රථයක් ධාවනය නොවිම නිසා මෙසේ කලහකාරි ලෙස හැසිරෙමින් හැටන් බස් නැවතුම්පොලේ සිට කෙටිදුර ධාවනය සදහා ධාවනය කරවන කිසිදු බස් රථයකට ධාවනය කිරිමට ඉඩ ලබානොදි මගින් සියළු දෙනා ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට බාධා කෙරුණා.

විරෝධතාවයේ නියැලි මගි ජනතාව කියා සිටියේ තම ගමන් බිමන් යාමට අවශ්‍ය ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට එක් කරන ලෙසයි.

ලංගම බස් රථ රියදුරන් කියා සිටින්නේ තම බස් රථවලට පිරිසක් බාධා කිරිම හේතුවෙන් තමන් ධාවන කටයුතු වලින් ඉවත් වු බවයි.

පෞද්ගලික බස් රථ හිමියන් කියා සිටින්නේ ඉන්ධන මිල වැඩි විම හමුවේ තම බස් රථ ධාවනය කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.

මේ අතර කොළඹ ප්‍රදේශයේ රැකියා වල නිරතව සිට සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වතුකරයට පැමිණි ජනතාවට ආපසු රැකියා ස්ථාන සදහා යාමට ධාවනය සදහා එක් කර තිබෙන ලංගම බස් රථ ප්‍රමාණවත් නොවිම නිසා එම ජනතාව ඊයේ (18) හැටන් බස් නැවතුම්පොල පිඩාවට පත් වි සිටින අයුරු ඒෂියන් මිරර් වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබෙනවා.

හැටන් ලංගම බස් නැවතුම්පොලට පෙරේදා (17) සහ ඊයේ (18) දිනයන්හි කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා වල නිරතව සිටින පිරිස ඊයේ (18) දින රැකියා ස්ථාන සදහා වාර්තා කල යුතුව ඇතත් , ඒ සදහා යාමට හැටන් බස් නැවතුම්පොලින් ප්‍රමාණවත් ලංගම බස් රථ යොදවා නොමැති බවයි මගී ජනතාව පවසන්නේ.

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලින් කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ ඩිසල් ඉන්ධන නොමැති නිසා ධාවනයට එක් නොකල බවයි පෞද්ගලික බස් රථ රියදුරන් කියා සිටින්නේ.

කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ ඩිසල් ඉන්ධන ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් අසල ගාල් කර ඇති අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබෙනවා.

කොළඹ දක්වා ධාවනය කිරිමට ප්‍රමාණවත් ලංගම බස් රථ ඊයේ (18) දින ධාවනය එක් නොකිරිම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප හැටන් ලංගම ඩිපෝවේ හැටන් බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ඊයේ (18) දින උදෑසන සිට ලංගම බස් රථ කිහිපයක් කොළඹ දක්වා ධාවනයට එක් කර තිබුණද විශාල මගින් පිරිසක් කොළඹ දක්වා යාමට පැමිණි සිටියත්, තිබෙන බස් රථ ප්‍රමාණවත් නොමැති බවයි.