hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අප්‍රේල් 15, පෙ.ව. 10:02



කොළඹ පුරපතිනීය රෝසි සේනානායක මහත්මිය නියෝජනය කරන්නේ විපක්ෂයේ පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය.

එහෙත් ඇය තමන්ට නියෝජනය කරන පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂයන්ට දෝෂාරෝපණය කරනවා.

විපක්ෂයේ වගකීම

ඇය පවසන්නේ විපක්ෂය වත්මන් ආණ්ඩුව රටටත් ජනතාවටත් අත්කර දී ඇති ඉරණමට විසඳුම් සොයනවා වෙනුවට තවදුරටත් තමන්ගේම දේශපාලන කඳවුරු තුළ සිර වෙමින් කටයුතු කරන බවයි.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය පක්ෂ දෙකක් නොව එකම පවුලකින් වෙන්ව ගිය සොයුරු සොයුරියන්ගෙන් සමන්විත තනි බලවේගයක් බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඇය වත්මන් අර්බුදය හඳුන්වා දෙන්නේ අවස්ථාවාදී සහ අදූරදර්ශී දේශපාලනඥයින් විසින් රටේ වර්තමානය පමණක් නොව නූපන් පරපුර පවා ඛේදනීය ඉරණමකට ඇද දමා ඇති අවස්ථාවක් ලෙසයි.

සම්මුතිකවාදී වැඩපිළිවෙළ

එවැනි අවස්ථාවක විපක්ෂ ලෙස තමන් වෙත පැවරී ඇති වගකීම අත් නොහැරිය හැකි එකක් ලෙසයි පුරපතිනිය හඳුන්වා දෙන්නේ.

ප්‍රශ්න හමුවේ පොදු සම්මුතික වැඩපිළිවෙලක් වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව විශ්වාසයෙන් අත්වැල් බැඳගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් ඉදිරියට යනවද නැතිනම් බියේ මුළුගැන්වී තැන් තැන් වලට වී වගකීමෙන් පලා යනවද යන්න අපි පක්ෂය තීරණය කළ යුතු බවයි ඇය පවසන්නේ.

රෝසි සේනානායක මහත්මිය විපක්ෂයේ වගකීම් පිළිබඳව මෙසේ මතක් කර දෙන්නේ නිවේදනයක් නිකුත් කරමින්.

කොළඹ පුරපතිනිය ලෙස ඇයටද මහජන බදු මුදල් කාබාසිනියා කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති අතර තමන් සඳහා ලක්ෂ 57 ක් වැයකර වැසිකිලියක් තනා ගැනීම තනා ගැනීම ඒ අතර වනවා.