hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 04, ප.ව. 12:49



රුහුණු මහා කතරගම දේවාලයේ 2022 ජුනි 29 දින කපුමහත්වරුන් අතර ඇතිවූ සිදුවීම පිළිබඳ රුහුණ මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

කතරගම දේවාලයේ කපු මහත්වරු සහ බස්නායක නිලමේවරයා අතර තේවා මාස බේදීමේදී ඇති වන ගැටළුව 2022 ජුනි මස 29 දින ඇතිවූ ප්‍රශ්නයට ද හේතු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

බස්නායක නිලමේවරයා මේ පිළිබඳ පැහැදිලි කරමින් මාධ්‍ය සහ බැතිමතුන් සඳහා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

දීර්ඝ කාලීනව කපු මහතුන් විසින් සිය පත් කිරීම් හෙවත් ගෙවැදීමේ අවස්ථාවේදී බස්නායක නිලමේවරයා විසින් පාලනය කරනු ලබන දේවාල අරමුදලට ඒ ඒ තේවා මාසය අවසානයේ යම් මුදලක් පරිත්‍යාග කරන බවට පොරොන්දු වී තිබෙන බවයි නිලමේවරයා සඳහන් කරන්නේ.

මේ අතර 2016 මාර්තු 09 වනදා එවකට බස්නායක නිලමේවරයා සහ කපුමහත්වරු අතර ඇති කරගත් එකඟතාවයක් පවතින අතර එහි කොන්දේසි 11ක්ද ඇති කර ගෙන තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය පෙසොන් මාසයේ තේවා කාලය ජුනි 29 වැනිදා අවසන් වූ නිසා එදින දහවල් දේවාලයේ යතුරු ගබඩාකාර කපුරාළ වෙත භාරදීමට තිබියදී එම සම්ප්‍රදාය ද කඩකරමින් සොමිපාල රත්නායක කපු මහතා හා පියුෂාන් රත්නායක කපු මහතා ද එක්ව දේවාලයේ යතුර බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇතැයිද බස්නායක නිලමේවරයා ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳ අදාල ලේඛන පිළිබඳව නිලමේවරයා ඉදිරිපත් කර තිබෙන අතර මෙම සිදුවීම පිළිබඳ කතරගම පොලීසියේ පැමිණිල්ලක්ද ගොනු කර තිබෙන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ඒ සඳහා අවශ්‍ය නම් එම නඩු පවරා මුදල් අයකර ගත හැකි බවටද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එම සිද්ධිය පිළිබඳ රුහුණ මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා නිකුත් කළ පැහැදිලි කිරීම පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: