2022 ජූනි 12, පෙ.ව. 4:23
පවතින ආර්ථික අර්බුදය හමුවේ පාසල් ආහාර වැඩසටහන සීමාවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාසල් ළමයින් මිලියනයක් පමණ කුසගින්නේ සිටීමේ අවදානමක් පවතින බව සේව් ද චිල්ඩ්රන් සංවිධානය අනතුරු අඟවනවා.
එම සංවිධානය සඳහන් කරන්නේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාසල් රැසක ආහාර සැපයීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි.
එම වැඩසටහන යටතේ සේව් ද චිල්ඩ්රන් ආයතනය, රජය සමඟ එක්ව දිවයින පුරා පාසල් 850 ක සිසුන්ට ආහාර ලබාදීම සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වනවිට ඉන් අඩකට වඩා වැඩි පාසල් සංඛ්‍යාවක එම වැඩසටහන නතර කර ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
මෙම තත්වය හමුවේ පාසල් ළමයින් මන්දපෝෂණයට ලක්වීමේ අවදානමක් පවතින බව එම සංවිධානය සඳහන් කළා.
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08