2022 මැයි 27, ප.ව. 3:07
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමි වී තිබෙනවා.
පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය ලකුණු 365ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 506ක් රැස් කළා.
බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 169කට සීමා වුණා.
එහිදී අසිත ප්‍රනාන්දු කඩුලු 6ක් බිඳ හෙලුවා.
ඒ අනුව, තරගයෙන් ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබා ගත යුතු වූයේ, ලකුණු 29ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තා.
මෙම තරගයේදී, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ශතක රැස් කළා.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49