October 23, 2021

ටෙන්ඩර් පැත්තකින් තබා පාඩු විඳින කටුනායක ගුවන්තොටුපොළ?

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට සේවා හා පහසුකම් සැළසීම සඳහා පවත්වාගෙන යන සංචාරක සේවා කවුන්ටර් සඳහා වාර්ෂිකව කෙරෙන ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

2016 වර්ෂය සඳහා සංචාරක සේවා කවුළු ලබා දීමට ටෙන්ඩර්පත් 2015.12.30 වන දින විවෘත කළ ද විවෘත කරන ලද ටෙන්ඩරය මත උපරිම ලන්සුවක්‌ ඉදිරිපත් කළ ආයතන සමග නව සේවා ගිවිසුම් ඇති කර ගැනීම මේ වනවිටත් පැහැර හැර ඇති බව ආරංචි මාර්ග පවසයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමසිරි මහතා 2016.04.28 ලිපියක්‌ නිකුත් කරමින් තේරී පත්ව ඇති ආයතන ලැයිස්‌තුවක්‌ ඉදිරිපත් කළද එම ආයතන සඳහා අදාළ සේවා ගිවිසුම් ඇති කර ගැනීම සඳහා අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වෙයි.

එම ලැයිස්‌තුවට අනුව අංක 1 කවුළුව ගුවන්තොටුපල සංචාරක රියැදුරු සංගමයට ද, අංක 2 කවුළුව අබාන්ස්‌ ටුවර්ස්‌ නම් සමාගමකට ද, අංක 3 කවුළුව ආයුබෝවන් ටුවර්ස්‌ ඇන්ඩ් ට්‍රැවල්ස්‌ නම් සමාගමකටද, අංක 4 කවුළුව ලංකා ට්‍රැවල් ඒජන්ට්‌ස්‌ ඇසෝෂියේෂන් නම් සමාගමකට ද, අංක 5 කවුළුව කාසන්ස්‌ ට්‍රැවල් නම් සමාගමකටද, කවුලු අංක 6 කවුළුව ඡේ.එන්.ඩබ්ලියු. ලංකා ටුවර්ස්‌ නම් සමාගමකට ද හිමි වේ.

අදාළ බදු කාලය නිමා වූ පසුත් අදාළ කවුළු පවත්වාගෙන යන ආයතන මාසික කුලිය ලෙස රුපියල් 3336546.26 ක් ගෙවන අතර නව බදු ගිවිසුම්ගත ආයතන විසින් සමාගමට මාසිකව ගෙවීමට එකඟවී ඇති කුලිය රුපියල් 8647984.00ක් වේ.

ඒ අනුව මේ බදු ගිවිසුම ප්‍රමාද කිරීම නිසා මාසිකව අහිමි වන මුදල රුපියල් 5311437.74 ක්‌ බව වාර්තාවේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ ලිපිය පහතින්,

Displaying 13664576_10154295360077973_29454734_n.jpgDisplaying 13664576_10154295360077973_29454734_n.jpg

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449