September 29, 2021

මිනෝද්ගේ අනාවැකියෙන් ප්‍රවීන්ට පළමු කඩුල්ල හිමි වූ හැටි (VIDEO)

ක්‍රිකට් කණ්ඩායමක කඩුල්ලු රකින්නාගේ වගකීම කඩුල්ල රැකීම පමණක් නොවන බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නව කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක ඔප්පු කරමින් සිටිනවා.

මිනෝද් මෙය අද (23) දිනයේ දී පැවැත්වෙන තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් තරඟයේ දී ඔප්පු කර පෙන්නුවා.

නිතරම සිය කණ්ඩායමේ පන්දු යවන්නන් දිරිමත් කරන මිනෝද් භානුක විසින් ඉන්දීයානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන අද දිනයේ එක්දින තරඟ වරම් හිමිකර ගත් සංජු සැම්සන්ව දවා ගන්නට ප්‍රවීන්ට සහාය වුණා.

එහිදී හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් රැස් කරගෙන සිටි සංජු සැම්සන් පිටිය තුළ ස්ථාවර වෙමින් සිටි අතර තරඟයේ 18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබුණා.

18 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හට මිනෝද් විසින් කඩුල්ල පිටුපස සිට කියා සිටියේ “දැන් පැනන් ඇවිල්ලා අතනට ගහන්න ඉඩ තියෙනවා පොඩ්ඩක් මඟට දාන්න හෙමිහිට..” යනුවෙනි. 

එම ප්‍රකාශයෙන් පසු ඊළඟ පන්දුවේදී ප්‍රවීන් විසින් සංජු සැම්සන්ගේ කඩුල්ල දවාගන්නේ අවිශ්ක හට උඩ පන්දුවක්ද ලබාදෙමින්.

එය ප්‍රවීන් ජයවික්‍රමගේ එක්දින දිවියේ පළමු කඩුල්ලද වෙනවා.

මිනෝද් විසින් ප්‍රවීන්ට පෘථිවි ෂෝව් විසින් ප්‍රහාරයක් දියත් කරන අවස්ථාවේද මෙලෙස දිරිමත් කිරීමට කටයුතු කළා.

එම අවස්ථාවේ දර්ශනය පහතින්,

Rate this item
(0 votes)