September 29, 2021

“විරාට් නායකත්වයෙන් ඉවත් වන්නේ නැහැ” - BCCI වෙතින් තීරණයක්

September 13, 2021

විරාට් කෝලි ඉන්දීය සීමිත පන්දුවාර තරඟ රටාවේ නායකත්වයෙන් ඉවත් වෙන බවට පළවෙන වන වාර්තා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ විරාට් කෝලි දිගටම නායකත්වයේ රැඳි සිටිනු ඇති බවයි.

මීට පෙර වාර්තා වුණේ එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව විරාට් කෝලි විසින් ඉන්දීය සීමිත පන්දුවාර තරඟ රටාවේ නායකත්වයෙන් ඉවත් වෙන බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අරුන් ධුමල් ප්‍රකාශ කර සිටියේ එවන් කිසිදු දෙයක් සිදු නොවන බවයි. මේ බව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ “මේ සියල්ල විකාර. එවැන්නක් සිදු වීමට යන්නේ නැහැ. මේ සියල්ල මාධ්‍ය හදපු කතා” යනුවෙනි.

විරාට් කෝලි විසින් සිය නායකත්වය යටතේ විස්සයි විස්ස තරඟ 45ක් මෙහෙයවා ඇති අතර ඉන් තරඟ 27ක් ජය ගෙන තිබෙනවා.

එමෙන්ම එක්දින තරඟ 95කට නායකත්වය දී ඇති අතර ඉන් තරඟ 65ක ජය හිමිකර ගැනීමට ඉන්දීයානු කණ්ඩායම සමත්ව තිබෙනවා.

විස්සයි 20 ලෝක කුසලානය ඔක්තෝබර් 17 දා ආරම්භ වන අතර නොවැම්බර් 14 දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී පැවැත් වීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 September 2021 16:47