October 20, 2021

ඔලිම්පික් පදක්කම් දිනූ ක්‍රීඩා උපකරණ මෝදි වෙන්දේසි කරයි - හෙල්ලයට කෝටි 4ක් (PHOTO)

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විවිධ සංචාර වලින් හෝ පුද්ගලයින්ගෙන් ලැබුණු තෑගි වෙන්දේසිය අවසන් කර තිබෙනවා. එවැනි වෙන්දේසි සෑම වසරකම අග්‍රාමාත්‍ය මෝදි විසින් පවත්වනු ලබන අතර එයින් ලැබෙන මුදල් ගංගා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ලබා දෙනවා. මෙවර වෙන්දේසියේදී ඉන්දීය ඔලිම්පික් ශූරයන්ගේ ක්‍රීඩා උපකරණ ඒඅතර දැක ගත හැකි වුණා.

නීරජ් චොප්රා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම දිනා ගත් අතර හෙල්ල විසිකිරීමේදී ඔහු මෙම ජයග්‍රහණය ඉන්දියාවට ලබා දුන්නා. මෙයින් පසු, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩකයින් අගමැති මෝදි හමු වූ විට, නීරාජ් චොප්රා රන් පදක්කම දිනාදුන් හෙල්ලය අගමැති මෝදිට තෑගි කළා. මෙම හෙල්ලය ඉන්දියානු රුපියල් කෝටි 1.5 කට අලෙවි වූ අතර එහි මූලික මිල කෝටියක් වුණා. 

කඩු හරඹ ක්‍රීඩාවේ ප්‍රථම වතාවට ඉන්දියානුවෙක් ඔලිම්පික් උළෙලට සහභාගී වුණා. ඇය භවානි දේවි ය. මෙම වෙන්දේසියේදී ඇයගේ කඩුවට ඉන්දියානු රුපියල් කෝටි 1.25 ක මිලක් ලැබුණා.

මෙවර ඔලිම්පික් උළෙලේදී පමණක් නොව පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදීද ඉන්දියාව රන් පදක්කමක් දිනාගැනීමට සමත්වුණා. සුමිත් ඇන්ටිල් ටෝකියෝවේදී මෙම දස්කම කළා. ඔහු විසින් භාවිතා කරන ලද හෙල්ලයේ වටිනාකම ඉන්දියානු  රුපියල් කෝටි 1.02 කි. මෙම හෙල්ලයේ සුමිත්ගේ සලකුණක් ඇති අතර ඔහු එය අගමැති මෝදිට තෑගි කර තිබුණා. 

ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේදී ඉන්දියාව නියෝජනය කරන සියලුම ක්‍රීඩකයින් විසින් අත්සන් කරන ලද වස්ත්‍රයකට ද විශාල ලංසුවක් ලැබුණා. මෙම වස්ත්‍රය ඉන්දියානු රුපියල් කෝටියකට විකුණන ලද අතර එහි මූලික මිල රුපියල් ලක්ෂ 90 ක්. 

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගත් කාන්තා බොක්සිං ක්‍රීඩිකා ලොව්ලිනා බෝර්ගොහාන් ඇය මෝදිට සිය අත්වැසුම් තෑගි කළා.  අත්වැසුම් වල ලංසුව රුපියල් ඉන්දීය රුපියල් ලක්‍ෂ 91 ට වැඩිය. එහි මූලික මිල ලක්‍ෂ 80 කි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ඉන්දියාව සිය විශාලතම නියෝජිත පිරිස යවා තිබුණා. මෙම වෙන්දේසියේදී සියලුම ක්‍රීඩකයින් විසින් අත්සන් කරන ලද වස්ත්‍රයක් ඉන්දියානු රුපියල් ලක්ෂ 90 කට අලෙවි කර තිබෙනවා.

පැරා ඔලිම්පික් උළෙලේදී ඉන්දියාවේ රන් පදක්කම දිනා ගත් ක්‍රිෂ්ණා නගර් විසින් අත්සන් කරන ලද බැඩ්මින්ටන් රැකැට්තුව සඳහා මෙම වෙන්දේසියේදී ලක්ෂ 80 කට අධික මුදලක් ලැබී තිබෙනවා.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දශක ගණනාවකට පසු ලෝකඩ පදක්කම දිනාගත් පිරිමි හොකී කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් අත්සන් කරන ලද හොකී පිත්තක් මෙම වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් 80,00,100 කට අලෙවි වී තිබෙනවා.

අවසන් පූර්ව වටයට පැමිණ ඉතිහාස ගත වූ කාන්තා හොකී කණ්ඩායමේ ක්‍රීඩිකාවන් විසින් අත්සන් කරන ලද හොකී පිත්තක් ද ලක්ෂ 80 කට අලෙවි වී තිබෙනවා. ඉන්දීය කාන්තා කණ්ඩායම ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව වටයට පැමිණි නමුත් එම පදක්කම දිනා ගැනීමට නොහැකි වුණා. 

පැරා ඔලිම්පික් උළෙලේදී ඉන්දියාව රන් පදක්කම් දිනාගත් ප්‍රමෝද් භගත්ගේ බැඩ්මින්ටන් රැකට්ටුව මෙම වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් 80,00,100 කට අලෙවි වුණා. ප්‍රමෝද් මෙම තෑග්ග අගමැති මෝදිට දුන්නේ ඔහුගේ අත්සනෙනි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 01:20

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449