hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

ඇමරිකාව ඉදිරි දින කිහිපය තුළදී ඉරානයේ න්‍යෂ්ටික​ මධ්‍යස්ථාන වෙත පහරදීමේ ඉඩකඩ ඉහළ ගොස් ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරනවා. බොහෝවිට ඉදිරි සති අන්තය තීරණාත්මක වේ යැයි එම වෙබ් අඩවිය වැඩිදිරටත් සඳහන් කර සිටිනවා.

මෙම පියවරට පක්ෂව මෙන්ම විපක්ෂව ද ආණ්ඩුව තුළ මතයන් පවතින නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පහරදීමට පක්ෂ ස්ථාවරයක් වෙත වඩ වඩාත් සමීප වන බවයි පෙනී යන්නේ.

ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයේ භූගත කොටසට සහ ෆෝර්දෝ මධ්‍යස්ථානයේ කඳුකරයෙහි ඇති කොටසට පහරදීමට අවශ්‍ය බන්කර් බස්ටර් බෝම්බ සහ ඒවා ගෙන යා හැකි B-2 බෝම්බ හෙලන යානා ඇත්තේ ඇමරිකාවට පමණයි.

එහෙයින් ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර මගින් එම ස්ථාන විනාශ කළ නොහැකියි.

මේ අතර ඊශ්‍රායලය ඉරානයේ රෙජීමය පෙරළා දැමීම කෙරෙහි අවධානය යොමු කළ ද ඇමරිකාව මෙතෙක් ඊට නිශ්චිත තීරණයක් ප්‍රකාශ කර නැහැ.