2022 ජූනි 21, ප.ව. 8:04
හාලිඇල ප්‍රදේශයේ හින්දු දේවස්ථානයක වැඩි මිලට හොර රහසේ විකිණීම සදහා සගවා තිබූ ගෑස් සිලින්ඩර 11ක් සමග සැකපිට පුද්ගලයෙකු අද (21) දින බදුල්ල දිස්ත්‍රික් පාරභෝගික කටයුතු පිලිබද අධිකාරිය, හාලිඇල පොලීසිය එක්ව සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලීසිය පැවසුවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
ලැබුණු තොරතුරක් මත බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිළධාරී ශාන් යාපාරත්න, හාලිඇල පොලිස් ස්ථානාධිපති රුවන් ගුණතිල යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් හාලිඇල ප්‍රදේශයේ මෙම දේවස්ථානය වටලා තිබෙනවා.
මෙහිදී පාරිභෝගික ජනතාවට විකිණීමට තිබූ ගෑස් සිලින්ඩර 05ක් සහ හිස් ගෑස් සිලින්ඩර 11ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා
වැඩිමිලට ගෑස් විකිණීම, බලපත්‍ර නොමැතිව ගෑස් සිලින්ඩර තොගයක් ලග තබා ගැනීම යන චෝදනා යටතේ පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ පාරිභෝගික පනතේ 16වන වගන්තියට අනුව මොහුට විරුද්ධව නඩු පවරන බවද බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිළධාරී ශාන් යාපාරත්න මහතා පැවසුවා.
බදුල්ල – ජයලත් දිසානායක
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:26
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:22
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:10