hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 01, ප.ව. 8:14



ඇය කුමුදුමලී.අද ලංකාවම කතා කරන පේරාදෙණිය සරසවිය සුරූපී යුවතිය ඇය. 1993 ජූනි 26 වනදා ගම්පහ මහ රෝහලේ උපත ලබන මේ වාසනාවන්ත ගැහැණු දරුවා තමන්ගේ උත්සාහයෙන් ජයග්‍රහණ බොහොමයක් ලබාගෙන තිබුණා.

පසුගිය 21 වන දා පැවැත්වුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධාන උත්සවයේ පශු වෛද්‍ය විද්‍යාවේ දී උපාධිධාරිනී w උදේනි කුමුදුමලී සිය උපාධිය ලබා ගත්තේ රන් සම්මාන අටකුත් දිනා ගනිමින්. තමන්ට හිමි රන් සම්මාන හා අනුසම්මාන ලබා ගැනීමට ඇය අට වරක් වේදිකාවට පිවිසෙනු දැක්වෙන විනාඩි 03යි තත්පර 26ක වීඩියෝවක් එතන ඉඳන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙන්න පටන් ගත්තා.

ඒ සැණින් කුමුදුමලී ගැන හැමෝම හොයන්න පටන් ගත්තා. කුමුදුමලී උපාධි ප්‍රධානෝත්සවයට පසුදින ඇමරිකාව වෙත ගියේ පශ්චාත් උපාධිය හදාරන්න. 31 හැවිරිදි සොඳුරු යුවතියක් වන කුමුදුමලිගේ දිවිසැරිය කටුක අභියෝග වලින් පිරුණු එකක්.

ගම්පහ මහ රෝහලේ උපන් කුමුදුමලී ඊට පසු දින දිනම මවුපියන් රැගෙන යන්නේ ඔවුන් ජීවත් වූ ත්‍රිකුණාමලයේ සේරුවිල සේරුනුවර ගම්මානයට. යුද ගිණි ඇවිලෙන භූමියක ඉඳන් අනන්ත දුක් දොම්නස් විදිමින් ඇය තමන්ගේ ජීවිතය හීන පසු පස්සේ ලුහුබැඳ ගියා. ඒ කාලයේ රෑට නිදා ගනිද්දී මම රෑට ආච්චිගෙන් අහනවා අදත් අපිට දුවන්න වෙයිද කියලා. රෑට දුවද්දි මම ගේ පිටිපස්සේ තිබුණු නිදිකුම්බා ගාලට වැටුණු වාර අනන්තයි. බෝම්බ වෙඩි සද්දෙට හැංගෙන්නේ ගෙදර දර පෝරුණුව යට. නැත්තං ඉස්කෝලෙට දුවනවා.

හත වසරේ ඉද්දි අවුරුද්දක් විතර ඉස්කෝලේ වැහුවා. කල්දේරම් බත් කකා අවුරුද්දක් කන්තලේ අනාථ කඳවුරුක හිටියා. ඒ කාලේ අමතර පන්ති වලට වියදම් කරන්න සල්ලි නැති නිසා හරියටම ටියුෂන් යන්න මට බැරි වුණා. විභාග ලිව්වෙත් ෆේල් වෙයි කියලා හිතුණු නිසා 2012 මම විභාගය ලිව්වේ නෑ. සාමාන්‍ය පෙළ හොඳම ප්‍රතිඵලයකුත් අරගෙන උසස් පෙළ අත්හැරියා කියලා සමහර අය ගෑනු ළමයෙක් අහන්නවත් සුදුසු නැති කතා මට කිව්වා. ඒත් ඕන කෙනෙක් ඕන කතාවක් කියපු දෙයින් මං කවුද කියලා මම පෙන්වන්නම් කියලා මම දැඩි අරමුණක හිටියා.

මේ ඇයි කියන කතාව.

කිසිම තැනක උත්සාහය අත් නොහැර ඇය තමන්ගේ හීනය දිගේ ඇවිදගෙන ගියා. දිනපතා විශ්ව විද්‍යාල දේශනවලින් පස්සේ හවස හයේ ඉඳන් රාත්‍රී 10 වෙනතුරු ඇය ෆාමසි වල සේවය කරලා අවශ්‍ය මුදල් උපය ගත්තා.

ඒ නිසාම පළමු වසරේ පළමු විභාගයෙන් හොඳම ලකුණු ලබාගත් සිසුවිය වීමට වාසනාවන්ත වුණා. මුල් කාලයේ සමහර ළමයි මට සැලකුවේ ත්‍රිකුණාමලයේ ඉඳන් ආපු ගොඩේ කෙල්ලෙක් විදිහට. මං ඒවත් තැකීමක් නොකර දිගින් දිගටම මගේ අරමුණු වෙනුවෙන් මහන්සි වුණා. තුන්වෙනි අවුරුද්දේ බැජ්ටොප් වුණා. වසර කීපයක් පැවති පෙම් සම්බන්ධතාව බිඳී යාම නිසා කුමුදුමලීට ආයෙමත් පීඩා විඳින්නට සිදුවුණා. ඒ පීඩනය නිසා මැරෙන්න සිතනු වාර අනන්තයි කියලා කුමුදුමලී කියනවා.

ඒ වෙලාවේ පීඩනය දරුණු වුනා.මට මැරෙන්න හිතුණා.ඒත් මං කල්පනා කරා පොඩි කාලේ ගමේදී මම බය වුනේ මැරෙන්න දැනුත් එල්ටීටී වගේ හැම පැත්තෙන්ම ප්‍රහාර එල්ල කරලා මාව නොමරා මරනවා . එදා එල්.ටී.ටී.ඊයට මාව මරන්න බැරි වුනානම් ඇයි දැන් මැරෙන්නේ කියලා මම හිත හයිය කරගත්තා.

මම ගොඩක් ආගමට දහමට නැඹුරු වුනා. නිතර ගැටඹේ පන්සලට, දළදා මාලිගාවට ගිහින් වැදුම් පිදුම් කරා. රෝහලේ වැඩ ඉවර කරලා බෝඩිමට ඇවිත් ගැටඹේ පන්සලට ගිහින් හිත නිදහස් කර ගෙන බෝඩිමට ඇවිත් නැවත පාඩම් කරා. මගේ ඇස්දෙක දිහා බලාගෙන ඇවිත් කතා කරලා මම මාවම දෛර්යවන්ත කර ගන්නවා. කුමුදුමලී තම සිහින සැබෑ කරගෙන සරසවි ජීවිතයට සමුදුන්නා. පේරාදෙණිය විශ්ව විද්‍යාලේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයෙන් පළමු පන්ති උපාධිය සමඟ රන් පදක්කම් අටක් විශ්ව විද්‍යාල ත්‍යාග දෙකක් අනුස්මරණ ශිෂ්‍යත්ව දෙකක් සහ අනුස්මරණ සම්මාන දෙකක් ඇයට සහිත ඒ ජයග්‍රහණය අගේ සොදුරුවත තවත් හැඩ කළා. අනන්ත දුක් විදි ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු කුමුදුමලීගේ කතාව අපි හැමෝටම ආදර්ශමත් කතාවක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: