hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 01, පෙ.ව. 12:02



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ සම්පූර්ණ අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරයේදී රාජ්‍ය සේවකයන් රැවටීම සදහා එවන් අසත්‍ය ප‍්‍රකාශයක් සිදු කර ඇති බවද ඔහු පැවසීය.

එසේ වැටුප් වැඩි කිරීමක් සඳහා කිසිදු මුදලක් භාණ්ඩාගාරයේ වෙන් කර නැති බවද පැවසු ඔහු එවන් වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරයේ නිරීක්ෂණ ලබාගෙන නැති බවද කියා සිටියේය.

තම ආණ්ඩුව ඉදිරි වසරේදී අනිවාර්යෙන්ම ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් කරන බවද බවත් ඔහු පවසයි.

වැටුප් වැඩි කරන්නේ කොපමණ ප්‍රමාණයකින්දැයි තීරණය කරන්නට සිදුවන්නේ පවතින මුදල් තත්ත්වය මත බවද ඔහු තවදුරටත් කියා සිටියේ අද මාධ්‍ය අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: