hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් පිළිබඳ අද උදෑසන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව ඉරානය විසින් නැවතත් ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කළා.

ඒ, ට්‍රම්ප් විසින් සිදු කරන ලද ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි විසින් ප්‍රතික්ෂේප කළ පසුවයි. අරාග්චි කියා සිටියේ ඊශ්‍රායලය තමන් වෙත එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක් තමන් ප්‍රහාර නැවැත්වීමට සූදානම් බවයි. ඊශ්‍රායලය ද අද උදෑසන ප්‍රහාර මාලාවක් ඉරානය වෙත එල්ල කර තිබුණා.

අද උදෑසන ඊශ්‍රායලයේ ස්ථාන කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල වූ අතර බීර්ශෙබා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් තිදෙනකු මියගියේ යැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබෙනවා.