hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

ගාලු මුවදොර අරගල භූමියේ ප්‍රකට ක්‍රියාකාරිනියක වූ නිර්මාණි ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයා බාධයක් වැළඳී පසුගිය සෙනසුරාදා ලංකා රෝහලට ඇතුළත් කළ නිර්මාණි එහි දී මිය ගොස් තිබෙනවා.

බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්.

ඇගේ හදිසි අභාවය පිළිබඳ අරගලයට පක්ෂ විපක්ෂ බොහෝ පාර්ශ්ව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබෙනවා.