අයියා සන්තුෂ් ගැන, මල්ලි දුෂ්‍යන්ත්ගෙන් සටහනක්…
”මෙන්න මෙයා තමයි හැමදේටම මුල. සහෝදරයෝ වුණාම අයියා කරන හැමදේම මල්ලි කරන එක සමාන්‍ය දෙයක්නේ !
ඉතින් මේ ඉන්න සන්තුෂ් (මගේ අයියා), Michael Jacksonගේ සින්දු අහපු නිසා තමයි මමත් Michael Jackson follow කළේ.
ඊට සෑහෙන කලකට පස්සේ අයියා professional ගායයෙක් හැටියට තමාගේම ගීත නිර්මාණය කළාම මටත් හිතුණා එහෙමම කරන්න. ඉතින් අයියා භාතිය එක්ක සෙට්වුණා වගේ මම සෙට්වුණේ ඉරාජ් එක්ක.
අපි පානා සෙනහස ගීතයෙන් පටන් ගත්තාට ඊට පස්සේ වැඩක් කළේ නැති වුණාට මම පටන් ගත්තු ගමන, තනියම හරි කරගෙන යන්න මම තීරණය කළා.
ඉතින් අද වෙනකොට ජේත්තු නෝනේ, කරළිය, නෙළුම් විලෙන්, මතකේ හසරැල්, වාසනා ලොවක්, දේදුන්න වාගේ, අහන්න ආදරේ තරම්, ගෝමර මාලා, ඔමරි ලතා සහ තව ලස්සන සින්දු ටිකක් මට කරන්න හැකිවුණා….”