hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 14, පෙ.ව. 12:03



දශකයකට එහා රංගනය එක්ක හිටියත් අනුරාධ මල්ලවආරච්චී හරියට නිලය ඇල්ලු නිසා අද නමට වඩා රූපය හා රංගනය එක්ක ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරනවා.

ඒ සිත නිදි නෑ නාට්‍යයේ සාගර වීරනායක නිසා.

වේදිකා නාට්‍ය, සිනමාව වගේම ටෙලි නාට්‍ය කියන තුන් මාධ්‍ය ඇල්ලූ ඔහු පුවත්පතක් සමඟ සිය අදහස් පළ කළේ මෙලෙසයි.

අවුරුදු 15ට පමණ පෙර රංගනයට අවතීර්ණ වුණත් අනුරාධ වඩාත් ජනප්‍රිය වෙන්නේ සිත නිදි නෑ නාට්‍යයේ සාගර වීරනායක චරිතයෙන් ..?

මුලින්ම මම වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වුණා. ඊට පස්සේ අවස්ථා කිහිපයකදි ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වුණත් වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය ගත්තේ සිත නිදි නැ නාට්‍යයේ සාගර වීරනායක චරිතය එක්ක. ඒ චරිතය ගොඩනැ‍ෙඟන විදිහ වෙනස්. ලෝයර් කෙනෙක් ඒ වගේම දුවලා තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. ජීවිතේ මග අරින්න බැරි අතීතයක් එක්ක සාගර ගොඩනැ‍ෙඟන විදිහට ජනතාව ආදරේ කළා. ඒ ලැබෙන ප්‍රතිචාර ගැන මට හරි සතුටක් තියෙනවා. නිර්මාණ එක්ක ඉඳහිට මතුවුණු මාව සාගර නිසා හොඳින් දැනගත්තා කියන්න පුළුවන්. ‍

අපේ රටේ නිර්මාණකරුවන් එක චරිතයක් සාර්ථක වුණාට පස්සේ එවැනි චරිත සඳහා ලඝු කිරිමේ පුරුද්දක් තියෙනවා. මේ වෙද්දී ඔබවත් එක රාමුවකට කොටු කරලද..?

මම මේ චරිතය නිර්මාණය කළාට පස්සේ ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ තාත්තගේ චරිතය නිරූපණය කරන්න. ඒක මම දුර්වල තැනක් හැටියට දකින්නේ. හේතුව නැවත නැවත මාව තාත්තා කෙනෙක් හැටියට කාස් කරනවා කියලා හිතද්දිම මම කල්පනා කරනවා ඇයි එහෙම වෙන්නෙ කියලා. එක චරිතයකින් තාත්තා විදිහට දකිද්දී නැවත නැවත එවැනි චරිත ලැබෙන්නේ ඇයි මම දන්නෙ නැහැ. නමුත් තාත්තා ගේ චරිතය නැවත නැවත කරන්න පුළුවන්. ඒ වගේම නිර්මාණකරුවන් එක චරිතයක සාර්ථකත්වය දුටු පමණින් ඒ චරිතයම බිලොක් කරලා දෙනවා ගැළපෙන විදිහ. නමුත් මට ඒ සඳහා ඕනවට වඩා ආරාධනා ලැබුණම මම තීරණයකට ආවා ආයේ තාත්තාගේ චරිත කරන්නේ නැහැ කියලා. හැම තාත්තාම එක විදිහ නැහැ, නමුත් නිර්මාණශිලීව අපූර්ව ලෙස පිටපත තුළින් ගොඩනැ‍ෙඟන්න ඕන වෙනස් තාත්තා කෙනෙක්. ඒ කොහොම වුණත් මම එහෙම ඒවා භාර ගන්නෙ නැහැ කියලා හිතුවා.

ඒ වගේම චරිත තුළ මගේ හිර වීම වෙනවද නැද්ද කියලා හිතන්නේ නැහැ. මට ලැබෙන චරිත ඇතුළේ මට කොච්චර දුරට රඟපාන්න තියෙනවාද, මගෙන් වෙනස් චරිතයක් ගොනඟන්නේ කොහොමද කියලා තමයි මම හිතන්නේ. ඒ වගේම මගේ චරිතයෙන් සමාජයට මොකක්ද විසරනය වෙන්නෙ කියලා තමයි මම ප්‍රධාන විදිහට හිතන්නේ.

රංගනයට වේදිකාවෙන් පන්නරය ගත්තත් ඔබව දැන් තුන් මාධ්‍යයෙන්ම දකින්න ලැබෙනවා ..?

රූපවාහිනී නාළිකා කිහිපයක ටෙලි නාට්‍ය කිහිපයක වැඩ ආරම්භ කළා, ඒ වගේම සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා, එකක වැඩ පටන් ගත්තා. සිනමාවට රූපයෙන් දායක වීම ගැන කැමැත්තෙන් හා ආසාවෙන් ඉන්නවා, මම ඒකට කැමතියි. සිනමාව ඇතුළේ නිරූපණය වෙන එකට මම ආසයි හා කැමතියි. ඒ වගේම අලුත් වේදිකා නාට්‍යකටත් මම සම්බන්ධ වුණා , මංගල සේනානායක මහතාගේ ගුරු ගීතය වේදිකා නාට්‍යට. නැතුව බැරි මිනිහෙක්, 2019 ජූලි මාසේ දවසක්, වීරයා මැරිලා කියන වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙමින් මගේ දවස ගත කිරීම වෙනවා කියන්න පුළුවන් තුන් මාධ්‍යයෙන්ම.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: