hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 13, පෙ.ව. 12:02



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

සිය දියණිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කෙරූ ආදරණීය මවක් වූ නිල්මිණි සමාජ සේවයේ ද නියැලෙන අයෙක් බැව් බොහෝ දෙනෙක් නොදැනුවත්.

කොහොම වුණත්, ශ්වේතා නිල්මිණිගේ හීන සැබෑ කරන දුවෙක්.

ඒ නිසා නිල්මිණි ඉන්නේ ගොඩක් සතුටෙන්.

ඇය ඇගේ දියණියත් සමග හරි අපූරූ ආදරණීය ජීවිතයක් ගත කරනවා.

මේ ඇය සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණ සටහනක්.

“සුභ උදෑසනක්,සුභ දවසක් සාර්ථක ජීවිතයක් ගත කරන්න තමන්ට ලැබෙන විදිහට තමන්ට තියෙන විදිහට තමන් ගත කරන ජීවිතය සරල බව තේරුම් අරගෙන .

ළඟා කර ගන්න බැරි දේවල් පසුපස නොගිහින් අමාරුවේ නොවැටී තමන්ගේ මහන්සියෙන් උපයා ගන්නා දේවල් තුළින් තමන්ගේ පවුලක් රැකබලා ගැනීම,හැමෝගෙම ජීවිතවලට වටිනාකමක් ගෙනත් දෙයි සමාජයට බොරුවෙන් ජීවත් නොවී සමාජය රවට්ටන්නට ගොසින් තමන්ම රැවටෙන්න පුළුවන් බව දැනගෙන වැඩ කළ යුතුමයි.

අපි දරුවෝ හදනකොට දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම දැනෙන ආකාරයට සමාජයට හොඳ දරුවෙක් කිරීම අභිලාෂයෙන් අපි හැමදේටම වටිනාකමක් දෙමින් තමන් තමන්ට ආදරය කරමින් සරලව ජීවත් වෙන්න බලන්න ආදරණීයන්ට ආදරෙයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: