2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 2:21
අද උදේ ඇහැරුණු ගමන් දැක්කෙ ඉතා සංවේදී Video එකක්.
ඇල්ල බස් අනතුරෙන් ජීවිතේ ගැලවුණ පුංචි දරුවෙක් ට්‍රොලියක තියාගෙන තල්ලු කරගෙන එනවා.එයා අඬන ගමන් අහනවා ” කෝ අම්මා ? ” කියලා.
වෛද්‍යවරු එයාව සන්සුන් කරනවා ” අම්මා ඉන්නවා පුතේ, අම්මා ඉන්නවා පැටියෝ බය නැතුව ඉන්න “
වීඩියෝ එකේ තත්පර 30 ක් විතර යනතුරු බලන ඕනි කෙනෙක්ට හිතෙන්නෙම අම්මා නැතිවෙලා ඇති බබාට බොරු කියනවා ඇති කියලා.
තත්පර 30 කින් විතර පස්සෙ පිටිපස්සෙන් තල්ලු කරගෙන එන රෝද පුටුවෙ ඉන්න ගෑණු කෙනා ඉස්සරහට එන ගමන් අත දික්කරලා කෑගහනවා ” පුතේ ” කියලා.
ඉස්සරහ ඉන්න වෛද්‍යවරු අහනවා ” මේ ඔයාගෙ බබාද ? කියලා
අර අම්මා ඔව් කිව්වම වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්‍යමණ්ඩලය බබාට කෑගහලා කියනවා ” මෙන්න මෙන්න අම්මා ඉන්නවා කියලා.”
ඒක දැක්ක ගමන් බලන ඕනි එකෙක්ට හිතෙනවා අම්මෝ ඇති යන්තම් කියලා.වෛද්‍යවරු ඉඳලා තියෙන්නෙත් අම්මා ඉන්නවද නැද්ද කියලා ඇත්තටම දෙගිඩියාවෙන්.
ඒත් !
මේ අවුරුද්දට මේ විදිහට වුණ දෙවැනි බස් අනතුර.
සිදුවීම් දෙකෙන්ම මිය ගිය ගණන 40 ක් වගේ.
ඇත්තටම ඒ වීඩියෝ එකෙන් පස්සෙ මාව කම්පනයට පත් කරපු දේ !
පිටිපස්සෙන් අම්මගෙ රෝදපුටුවත් එනවා කියලා හුඟක් වෙලා බලාගෙන ඉඳලා එහෙම ආපු නැති ළමයි කීදෙනෙක් නම් ඇත්ද ?
-උපුටා ගැනීම මුහුණුපොතෙන්-
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 1:32
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:18
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 9:19
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 9:09
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 8:20
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25