hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 31, පෙ.ව. 12:05



ගායිකාවක් ලෙස ජනප්‍රිය වූ ආදිත්‍යා වැලිවත්ත, ”Miss Tourism Universe” තරගයට සහභාගී වීම සඳහා පිලිපීනයේ මැනිලා නුවර බලා, දිවයිනෙන් පිටත්ව ගියා.

එලෙස පිටත්ව ගිය ඇය, එළඹෙන 8 වැනිදා එම තරගයේ Miss Universe ඛාණ්ඩය යටතේ තරග වදිනු ඇති.

‘Miss Tourism Universe Sri Lanka 2025’ ලෙස ආදිත්‍යා වැලිවත්ත සහභාගී වන මෙම නිරූපණ තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක සහ ජාතික පුහුණුකරු වන්නේ, රුක්මාල් සේනානයකයි.

තරගය වෙනුවෙන් පිලිපීනය බලා පිටත්ව යන මොහොතේදී, ආදිත්‍යා සඳහන් කර තිබුණේ තමාට රටට ආඩම්බරයක් වන ආකාරයේ යමක් කිරීමට අවැසි වූ බවයි.

”හුඟක් අය මාව දන්නෙ ගායිකාවක් වශයෙන්. හැබැයි මම නිරූපණ ක්ෂේත්‍රයට පොඩි කාලේ ඉඳන් හුඟක් ආසයි. ඉතින් මට ඕනි වුණා මගේ රටට සේවයක් කරන්න. ඉතින් මට හිතුණා සේවය කරන්න හොඳම විදිය තමයි බියුටි පැජන්ට් එක්කට යන එක, අපේ රට නියෝජනය කරන එක. ඉතින් මාස අටක් පුරාවට මම හුඟාක් මහන්සි වුණා. ඉතින් මම හිතනවා මහන්සියේ ප්‍රතිඵල ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි කියලා. දිනන පරදින එක අපිට කියන්න බෑ. නමුත් මට ඕනේ මගේ රටට ආඩම්බරයක් වෙන විදියට වැඩක් කරන්න….”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: