hit counter

2025 අගෝස්‍තු මස 13 වන බදාදා

2025 අගෝස්‍තු 11, පෙ.ව. 9:43



පිලිපීනයේ පැවති “මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී ” ජාත්‍යන්තර සංචාරක රූ රැජින” ( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගෙන 08/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/30 දින සිට 08/08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර පවත්වා තිබූණි.

ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව මෙම තරගාවලියේ හොදම ජාතික ඇදුම ( Best National Costume ) සහ Most Beautiful Photogenic  යන සම්මාන ද්විත්වය ද දිනා ගැනීමට සමත් වී සිටියාය.

ආදිත්‍යා වැලිවත්ත ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ප්‍රකට ගායිකාවකි.

ඇය 08/11 දින අලුයම 12.20 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් , ඇයගේ මව , සහෝදරයා ,  මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ මෙන්ම ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: