hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 11, පෙ.ව. 12:03



පසුගිය දවසක පැවැත්වුනු නත්තල් සාදයකදී බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වෙච්චි තවත් දක්ෂ කලාකාරිනියක් තමයි අමන්දා සිල්වා කියන්නේ.ඇය බොහොම හැඩට වැඩට මේ උත්සවයට සහභාගි වෙලා තිබුණු නිසා බහුතරයක් දෙනාගේ නෙත ඇය ගාව නැවතුණා.

අමන්දා ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් විදිහට ප්‍රසිද්ධ වුණත් ඇය නර්තන සහ රංගනය පිළිබඳවත් දක්ෂතාවයක් දක්වන කලාකාරිනියක්.ඒ නිසාම ඇයගේ පළමු සිනමා නිර්මාණයත් අපිට දැක බලා ගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා.එ විතරක් නෙවේ 2020 වර්ෂයේ හොඳම නැගී එන නිළියට ඇය නිර්දේශ වෙනවා.

ඉතින් අමන්දාගේ ජීවිතය පිළිබඳව කතා කරද්දි අමන්දා නිතරම කැපී පෙනෙන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි.ඇය කරළියට එන්නේ වැඩක් තිබ්බොත් විතරයි.තමන්ගේ පාඩුවේ. බොහොම ලස්සනට ජීවිතේ ගත කරන ඇය මේ තරම් හැඩට වැඩට ඇයගේ ශරීරය මේන්ටේන් කරන්නේ කොහොමද කියලා අහපු අවස්ථාවකදී අමන්දා කිව්වෙ මේ වගේ කතාවක්

“මම කිසිම සිමාමායිමක් පනවගෙන නැහැ. මගේ ඇඟ ලස්සනට තියෙනකම් මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා. මටම දැනුණොත් දැන් ඇති කියලා එදාට මම නවතිනවා. මොකද කාගේවත් ඉස්සරහ විහිළුවකට ලක් වෙන්න ඕනේ නැහැනේ. ඒ හින්දා මමම නවත්තයි. ඒ හැර කාගෙන්වත් සිමා පැනවීම් නැහැ.මම නිතරම ව්‍යායාම කරනවා. කෑම පාලනය කරනවා. මම මගේ ස්කින් එක ගැන මගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: