hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 15, පෙ.ව. 12:02



“වසර ගණන් පෙම් බැන්දට හාද වෙලා වගේ හිටියට 
මෙයාලා හාද වෙලා නැහැ 
හාදු දෙන්න පොර කෑවට 
ආදරයක් නැහැ…

ඒ කවුරුත් පෙම් බැන්දට 
මම බැන්දේ නැහැ…“

මේ දිනවල අතිශය ජනප්‍රිය ගීතයක්. මේ ගීතය ගයන්නේ අමන්ද්‍යා උත්පලි.

ඇය මින් පෙර ගැයූ නන්දා ගීතයත් ඉතාම කෙටි කලක් තුළ අතිශය ප්‍රේක්ෂක රසික ආදරයක් දිනාගත් නිර්මාණයක් බව නොරහසක්. 

ඇය නමින් අමන්ද්‍යා උත්පලා.

පසුගියදා පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් ඇය මෙසේ අදහස් දක්වා තිබෙනවා.

රූප සුන්දරී නිර්මාණය වෙන්නේ කොහොමද?

මගේම වාසනාවට තාත්තා අතින් තමයි මේ වචනත් ලියැවෙන්නේ. තාත්තා එක්කම ගීත් තරංග කියන දක්ෂ ගේය පද රචකයත් මෙහි ගී පද රචනාවට සම්බන්ධ වුණා. මේක කතරගම දෙවියන්ට කරන කන්නලව්වක්. සාමන්‍යයෙන් කියන්නේ 25-30 අතර විවාහ නොවුණු ගැහැනු ළමයෙකු. ඒ ගැහැනු ළමයට තියෙන ප්‍රශ්නය තමන්ව බඳින්න කෙනෙක් නැති එක නෙවෙයි. ඊට වඩා වටේ පිටේ කට්ටිය අහන ප්‍රශ්න. ඒ නිසා තමයි දෙවියන්ට කියන්නේ මට මනුස්සයෙක් නැතත් කමක් නැහැ. මේ ප්‍රශ්න අහන ගැහැනු ටිකට මොකක් හරි කරලා දෙන්න කියලා. මේ ගීතය මෙතරම් ජනප්‍රිය වෙන්න මේ සඳහා යෙදූ තනුවත් බලපෑවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මෙහි තනුව සහ සංගීතය මගේ ගුරුතුමා වන සහන් රන්වල මහතාගෙන්. සර් තමයි මට කිව්වේ මේ සඳහා හඬවල් කිහිපයක් භාවිත කරමින් ගයන්න කියලා.

මේ දවස්වල රූප සුන්දරී වයිරල් වෙලා තියෙන්නේ. ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඔව්. මම ITN නාලිකාවේ චැට් ප්‍රෝග්‍රෑම් එකකට ගිය වෙලාවේ ගායනා කළාට පස්සේ සැහෙන වයිරල් වුණා. ඒ වීඩියෝ මේ වෙද්දී මිලියන 8කට වඩා ගීතය නරඹලා තියෙනවා. ගැහැනු පිරිමි භේදයකින් තොරව පොදු කාරණාවක්. ඒක තමයි තාත්තා මුලින්ම හාස්‍යයට මුසු කරන්නේ. මෙහෙම අහන්න එපා කියන එක. මොකද ඒක අතිශය පෞද්ගලික කාරණාවක්. ෆේස්බුක් ප්‍රතිචාර දැක්කම නම් හිනාත් යනවා. මගේ යාළුවො මට දාලා තියෙනවා මම වෙනුවෙන් සින්දුවක් කළාට බොහොම ස්තුතියි කියලා, ආයෙත් අහපන්කෝ බලන්න කවද්ද බඳින්නේ කියලා…. වගේ කැප්ෂන් එක්ක. අමුතු අමුතු කැප්ෂන් එක්ක තමයි වයිරල් වුණේ.

නන්දා අභිබිවා රූප සුන්දරී යයි ද?

අනේ මන්ද. මටත් හිතා ගන්න බැහැ. කලින් එකටත් වඩා ලස්සනයි කියලත් කියනවා. මඟ තොටේදී රූප සුන්දරී කියලා දැන් කතා කරන්නත් පටන් අරගෙන තියෙනවා. ඉස්සර කොහේ ගියත් මම නන්දානේ. මේ යන විදියට නන්දාව අබිබවලා රූප සුන්දරී යයි කියල මටත් හිතෙනවා.

අමන්ද්‍යාගේ සංගීත ජිවිතේ අලුත් වැඩ කටයුතු කොහොමද?

සංගීත ජිවිතේ මේ දවස්වල නම් මම වැඩි වෙලාවක් වෙන් කරලා තියෙන්නේ රැජිනට ඇන්දා වේදිකාවේ මගේ දෙවැනි ප්‍රසංගය වෙනුවෙන්. නමුත් අලුත් ගීතයක රූප රචනාවක් ප්‍රසංගයට කලින් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගීතය හින්දි තනු රටාවකට සමාන ගීතයක්. මේ වෙනකම් මගෙන් ඇහුනු ගීතවලට වඩා වෙනස් ගීතයක්. ඊට අමතරව සජිත ඇන්තනි එක්ක යුග ගීතයක් කරන්න පටන් අරන් ඉන්නවා. ඒ නිසා ඉදිරියට වෙනස් විදියේ වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා.

රැජිනට ඇන්දා වේදිකාවේ නමින්, ඔබ ප්‍රසංගයක් කළා?

ඔව්. මගේ පළමු ප්‍රසංගය තිබ්බේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ. ඒ රැජිනට ඇන්දා වේදිකාවේ නමින්. ඒ වෙද්දී ජනප්‍රිය වෙලා තිබ්බේ මගේ නන්දා ගීතය විතරයි. නමුත් එදා ප්‍රසංගය පිරි ඉතිරි යන්න සෙනඟ ආවා. ඒක මට හිතාගන්න බැරි දෙයක් සහ සතුටට කාරණයක්. ඒ හින්දම මට හිතුණා මේක මම ඉදිරියටම කරගෙන යන්න ඕනේ කියලා. ඒ ශක්තියත් එක්ක දෙවැනි ප්‍රසංගය ජුලි 19 කරන්න සුදානම් වුණේ. කාසල් වීදියේ Taprobane හීදී පැවැත්වෙන්නේ. කලින් ප්‍රසංගයට වඩා වෙනස් ප්‍රසංගයක් තමයි මෙවර සංවිධාන වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: