hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 03, පෙ.ව. 11:13



අම්පිටියේ සුමනරතන හිමියන් විසින් සාසනයට නිගා දෙමින් සිදුකල ගී ගැයීම බලංගොඩ කස්සප හිමියන් විසින් විවේචනය කර තිබෙනවා.

ගී ගැයීම බුදුසසුනේ හැඩීමක් බවත් නැටීම උමතුවක් බවයි බලංගොඩ කස්සප හිමියන් සඳහන් කළේ.

එමෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිණිස පිටරට සේවය කරන අහිංසත මිනිසුන් එවන මුදලින් මෙවන් සසුන වනසන දෑ සිදුකිරීම සිදු නොකළ යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

මෙම ක්‍රියාවට මහනායක හිමිවරුන් සංඝ සභාවට කැදවා මොහුට අවවාද කර හික්මවිය යුතු බව බලංගොඩ කස්සප හිමියන් පෙන්වා දෙනවා.

එමෙන්ම සංඝනායක ධූරයක් දරන හිමිනමක් මෙලෙස හැසිරීම අනාගත භික්ෂු පරපුරට වැරදි පූර්වාදරශයක් බවත් මඩිහේ පඤ්ඤාසීහ වැනි උතුම් නාහිමිපාණන් වහන්සේලා නියෝජනය කළ ජාතිත මතවාදය රස්තියාදුකාරයන් අතට පත්වීමේ ප්‍රතිවිපාක මෙය බවත් නැවත විනයවත් ප්‍රබුද්ධ ජාතික මතවාදයක පිහිටීම සදහා තරුණ වියත් හිමිවරුන්ට පෙරමුණට පැමිණෙන ලෙසද සිහිපත් කරනු ලැබුවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: