hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 22, ප.ව. 3:39



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අතුරුදන් වූ අංජන කුලතුංග නම් සිසුවාගේ මළ සිරුර ඊයේ (21) පස්වරුවේ මහවැලි ගඟේ හක්කිඳ දූපත ආසන්නයේ තිබී සොයා ගත්තා.

පසුගිය 16 වැනි දින සිට මෙම ශිෂ්‍යයා අතුරුදන් ව ඇති බවට පේරාදෙණිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි පොලිසිය සිසුවා සෙවීමෙ මෙහෙයුම් ආරම්භ කළේ.

මෙලෙස අතුරුදන් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.

එම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන තිබුණා.

එලෙස සොයා ගැනීමත් සමඟම ඔහු ජීවිතට තොර කරගැනීමට පෙර කළ කී දෑ ගැන තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

මේ අතර ඔහුගේ අත් අකුරුවලින් ලියූ ලිපියක් සොයාගෙන තියෙනවා.

“මම දැන් බෝඩිමෙන් යනවා. මඟදි බාධාවක් වුනේ නැත්නම් තව පැය භාගයක් ඇතුළත මම මහවැලි ගඟේ ඉඳීවි. මට සමාවෙන්න.. දැන් වෙලාව රෑ 8 යි.”

අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර මහවැලියෙන් හමුවෙයි

“ඔහු ගැන සෙවීම මෙතැනින් අවසන්” – අංජන ගැන පේරාදෙණියේ සහෝදර සිසුවෙක් කියන කතාව