hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 12:50



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදි පසුගිය 16 වැනි දින අතුරුදන් වූ අංජන කුලතුංග නමැති සිසුවාගේ සිරුර ඊයේ (21) පස්වරුවේ හමු වී තිබෙනවා.

ඒ මහවැලි ගඟේ තිබියදීයි.

අංජනගේ මලසිරුර මහවැලි ගඟේ හක්ඉඳ දූපත් සමූහය ආසන්නයේ රැඳී තිබියදී හමුවීමත් සමඟම ඔහු ගැන මේ වනවිට සමාජ මාධ්‍යවල බොහෝ දේ කතා කරනවා.

ඒ අතර ගුරුවරියක් ඔහු ගැන සංවේදී සටහනක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුනා.

එම සටහන පහතින්,

පුතේ, හිනා වෙලා උන්නට හිතේ තිබුණ කාන්සිය, බය, දුක ගහකට ගලකට හරි කියන්න තිබුණා උඹට….පේරාදෙණිය කියන මහ මූකලානෙන් උඹේ ගැටලුව අහන්න, එක මිනිහෙක් හොයා ගන්න තිබුණා උඹට.

අවසන මෙසේ ලියමි.

ඔය රුදු තින්දුවට හේතු වූ මිනිසාත්, වග උත්තර කරුවෝත් නිදැල්ලේ හර්ද සාක්ෂිය නම් හිර කුටියේ සිර කර, ඔබ නික්ම ගියේ සත්‍ය සදාකාලිකව වල දමා ය.

ජීවත්ව සිටින දරුවෙනි,

පරාජිත බවක් හැගේ නම්, මහවැලියේ ගිලෙන්නට නොයන්න.මහවැලිය සිප ගන්න උත්සහ කරන්න.

May be an image of 1 person, beard and standing