2025 මැයි 26, ප.ව. 5:03
මාලනී ෆොන්සේකා හෙළ සිනමාවේ රැජින වූයේ කෙසේ දැයි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ අවමංගල්‍යය සභාව අමතමින් අපේ සිනමාවේ තවත් අග්‍රගණ්‍ය නිළියක වූ අනෝජා වීරසිංහ අද රටට කියා දෙනු ලැබුවා.
අනෝජා නිළියක වුයේ මාලනියගේ සෙවනැල්ලේ යට බව ඇය අද හඬා වැටෙමින් අනාවරණය කළා.
“රටේ හැමෝටම ඇය නිලි රැජිණ. නමුත් ඇය මට මාලනී අක්කා. මගේ නෝනේ. මගේ සිනමා ජීවිතයේ පළමු ගුරුවරිය. මම සිනමාවට පා තබන්නට පෙර මොනරාගල සහ බදුල්ලේ හැදී වැඩී කුඩා දැරියක්ව සිටියදී මම මාලනී අක්කව අනුකරණය කළා. ඇය මෙන් කතා කරන්නට දෙබස් කියන්නට ඇවිදින්නට ගී ගයමින් නටන්නට මා උත්සාහ කළා. ඇය මගේ සිනමාවේ වීරවරිය වූවා. මම චරිතයක් නිරූපණය කළ පළමු චිත්‍රපටය යසපාලිත නානායක්කාර මහතා නිෂ්පාදනය කළ මොනරතැන්න. එහිදී ලෝක පූජිත මේ රංගන ශිල්පිනිය සමඟ ඇයගේ යෙහෙළිය ලෙස මුළු චිත්‍රපටය පුරා එකට රඟපාන්න මා භාග්‍යය ලැබුවා. එතකොටම අතිශය ආධුනික, නවක නිළියක යැයි කියන්නටවත් අත්දැකීමක් නැති ගම්බද කෙල්ලක්. ඒ චිත්‍රපටය මාගේ පළමු රංගනය දුටු සියල්ලෝ මට හිනා වුණේ මගේ විකාර රූපී රංගනයටයි. හැමෝම හිනා වුණත් මාලනී අක්කා හිනා වුණේ නෑ. ඇය මාව පැත්තකට අරන් කියා දුන්නා වේදිකාවේ මෙන් ඈතට පේන්න අපි රඟපෑම නොකළ යුතු බව. දෙබස් වැඩිදුර උච්චාරණය නොකළ යුතුබව. සිනමා කැමරාව බෙහෙවින් සියුම් නිසා හෙමිහිට පොඩි දෙයක් කරන්න කියලා එයා කරලා පෙන්නුවා. එදායින් පස්සේ මට වැරදුණේ නෑ. ඇගේ ගුරුහරුකම් මගේ සිනමා ජීවිතය පුරාම මට ආලෝකයක් වුණා. ඒ තමයි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා.”
2025 ජූනි 24, පෙ.ව. 12:08
2025 ජූනි 24, පෙ.ව. 12:04
2025 ජූනි 23, පෙ.ව. 12:03
2025 ජූනි 23, පෙ.ව. 12:02
2025 ජූනි 22, ප.ව. 4:33
24-06-25
24-06-25
24-06-25
24-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25