hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 නොවැම්‍බර් 20, පෙ.ව. 12:04



ඔවුන් දෙදෙනා ගැන ඊයේ බොහෝ තොරතුරු වාර්තා වුණා.. කොහොම වුණත් මේ අක්කා නගෝ දෙන්නා ඊයේ මේ වෙනුවෙන් නීතිමය පියවර ගත්තා..

සමාජ මාධ්‍ය තුළ මේ වීඩියෝව සංසරණය වෙන එක නතර වුණත් මේ නිසා ඔවුන් දෙදෙනා අතිශ්‍යය අපහසුතාවට පත්ව ඇති බවයි.. කොහොම වුණත් ඔවුන් ඒ ගැන මෙන්න මේ විදිහට අදහස් දක්වලා තිබුණා..

කෙසේ වෙතත්, මෙරට සමාජ මාධ්‍යයේ ජනප්‍රිය චරිත දෙකක් වන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර ඔවුන් හා සම්බන්ධ කෘත්‍රිම බුද්ධිය මඟින් නිර්මාණය කරන ලදැයි කියන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය පවසා තිබුණා…

මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකිරීම සඳහා ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළේ, ඔවුන් හා සම්බන්ධ AI මඟින් නිර්මාණය කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරිසරන බවයි…

“අපි දෙන්නා සී.අයි.ඩී. එකට ආවා. ඊයේ රෑ ඉඳන් අපි දෙන්නාගේ නම සඳහන් කරලා වීඩියෝ එකක් ශෙයා වෙනවා. කලිනුත් ඒ.අයි. එඩිට් එකකින් වීඩියෝ එකක් ශෙයා වුණා. ආයේ ආයේ ඒ කණ්ඩායමම මේ පහත් වැඩේ කරනවා. ගිය සැරේ නම් අපි ඇත්තෙන්ම ඒක නොසලකා හැරියා. මොකද ඒකට ෆේස් කරන්න තරම් හිතේ හයියක් ඒ වෙලාවෙ තිබුණේ නැහැ.

දැන් මේකෙදි හැබැයි ප්‍රෙෂර් එක වැඩියි. ඒක නිසා අපි දෙන්නාට සිද්ධ වුණා මේකට නීතිමය ක්‍රියාමාර්ගය ගන්න. හැබැයි සී.අයි.ඩී. එක ලොකු සපෝට් එකක් දුන්නා මේකෙදි අපට. කණ්ඩායමක් මේ වෙද්දි හඳුනගෙන තිබෙනවා.

ඒගොල්ලන්ව අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. හැබැයි තවදුරටත් මේ වීඩියෝ එක සම්බන්ධ ඒ.අයි. ක්‍රියාමාර්ග අද ඉඳන් ඒගොල්ලො ගන්නවා. ගැහැනු ළමයින්ට මේ වගේ දේවල් කරන්න එපා. ඇත්තටම ගැහැනු ළමයින්ට මේක ලොකු ප්‍රෙෂර් එකක් හරිම අමාරුයි. මට මේ දේ දරාගන්න හරිම අමාරුයි. මම සී.අයි.ඩී. එකෙන් ඉල්ලුවෙ කිසිම වෙලාවක ගැහැනු ළමයකුට මේ වගේ දේවල් කරන්න ඉඩදෙන්න එපා කියා මම ඉල්ලනවා” ඇය පැමිණිල්ල කර අවසානයේ පැවසුවේ එපමණයි..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: