hit counter

2025 මැයි මස 24 වන සෙනසුරාදා

2025 මැයි 25, පෙ.ව. 12:02



මුල්ම තරඟය තිබුණෙ හැම රටකින්ම ආපු හොඳම තරඟකාරිණියන් 108 දෙනෙක් එක්ක.

ඒකෙන් Head to Head challenge අවසන් 20ට අනුදි ආවා. ඒ වගේම ආසියා ඕෂනියා කණ්ඩායමේ හොඳම 5 දෙනා අතරටත් ආවා.

ඒක කියන්නෙත් කොච්චර අසීරු දිනුමක්ද..?

කොටින්ම සත්කාරක රටවන ඉන්දියාවටවත්, දක්ෂම තරඟකාරියක් වන පිලිපීනයටවත්, ලෝකෙ වැඩිම ජනගහනයක් ජීවත්වෙන චීනයෙ සුරූපිනියන් අතරින් තේරිලා මේ තරගාවලියට ආපු රූ රැජිනටවත් ලැබුණෙ නෑ ඒ 5 අතරට එන්න.

ඉතින් ඒ අවසානයට ආපු අපේ Anudi Gunasekara වගේම අනික් පස්දෙනාම ඉතා දක්ෂ අය නේ.

අනුදි අද ස්ටේජ් එකට ආව විදිය, ඒ ඇඳුම, කතා කළ විදිය ඔක්කොම හරිම professional. ඒ මාතෘකාවත් ප්‍රබල මාතෘකාවක්. තුර්කිය වගේම අනුදිත් හොඳටම කළා.

නමුත් අපි දන්නෙ නෑනෙ ඒකෙදි සලකා බලන නිර්ණායක මොනවද කියලා.

තායිලන්තයේ කෙනා, ඕපල්, ඊට පෙර Miss Universe ගිහින් runner up කෙනෙක් වුණු කෙනෙක් නිසා එයාගෙ අත්දැකීමෙන් හොඳටම දන්නව ඇති ලකුණු ලැබෙන විදිය.

මට නම් මේ හොඳටම ඇති.

අනුදි කිසිම පෙරහුරුවක් හෝ පුහුණුවක් නැතිව ඔහොම ආවෙත් එයාගෙම ශක්තියෙන් කැපවීමෙන් හා ධෛර්යයෙන්.

දැන් අපිට ඊළඟ challenge එක තියෙන්නෙ මිස් වර්ල්ඩ් ඇප් එකේ.

මම දන්න විදියට එක්සත් රාජධානියේ තරඟකාරිය තරඟයම හැරදමා ආපහු මව්‍ රටට ගියා. මේ තරඟයෙ ඒ තරම් පීඩනයක් තියෙනවා.

අනුදිට සුබ පතන ගමන් අපි තරඟයේ ඊළඟ පියවරට අවධානය යොමුකරමු. එයාව ධෛර්‍යමත් කරමු.!

– අදහස : වෛද්‍ය Kumari Kumarasekara මහත්මියගෙ කමෙන්ටුවකින් –





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: