2025 මැයි 25, ප.ව. 7:38
ඉන්දියාවේ හයිද්‍රාබාද් තෙලගනාහි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගාවලිය යටතේ පැවැත්වෙන උප තරග වට 5 න් 4 වැන්න ‘ටොප් මොඩල් ඇන්ඩ් ඩිසයිනර්’ තේරීමේ තරගය ඊයේ (24) පැවැත්වුණි. එහිදී ඉන්දියාව, අයර්ලන්තය, මාර්ටිනික් රාජ්‍යය හා නැමීබියාව නියෝජනය කළ තරගකාරියන් ජයග්‍රාහිකාවන් ලෙස තෝරාගන්නා ලදි.
මෙම තරගවටයේ අවසන් 8 ක් පමණක් තේරූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගීවෙමින් සිටින අනුදි ගුණසේකර ඒ අතරට එක්වූයේ නැත.
මෝස්තර ශිල්පී ධනංජය බණ්ඩාර විසින් හැඩගන්වන ලද අලංකාර ගවුමකින් සැරසී අනුදි එම තරග වටයට එක්ව සිටියාය.
මේ දක්වා පැවති උප තරග වට 4 න් අනුදි හෙඩ්ටු-හෙඩ් චැලේන්ජ් අවසන් 20 අතරට හා ටැලන්ට් චැලේන්ජ් අවසන් 24 අතරට පමණක් තේරුණි. ඇය පෙර පැවති ස්පොර්ට්ස් චැලෙන්ජ් හා ඊයේ පැවති ටොප් මොඩල් චැලෙන්ජ් වට වලින් ඉවතට විසිවුණි. 31 වනදා අවසන් තරගය පවත්වන්නට පෙර හෙට (26) ‘බියුටි විත් අ පර්පස්’ අවසාන උප තරග වටය පවත්වන්නට නියමිත අතර අනුදි ඊට සූදානමින් සිටී.
ඊයේ ‘ටොප් මොඩල් ඇන්ඩ් ඩිසයිනර්’ වටයේ ජයග්‍රාහිකා ලැයිස්තුව පහතින්
Placement | Continent | Contestant |
---|---|---|
Winners | Africa | 🇳🇦 Namibia – Selma Kamanya |
Winners | America and Caribbean | 🇲🇶 Martinique – Aurélie Joachim |
Winners | Asia and Oceania | 🇮🇳 India – Nandini Gupta |
Winners | Europe | 🇮🇪 Ireland – Jasmine Gerhardt |
Top 8 | Africa | 🇨🇮 Côte d’Ivoire – Fatoumata Coulibaly |
Top 8 | Americas and Caribbean | 🇻🇪 Venezuela – Valeria Cannavò |
Top 8 | Asia and Oceania | 🇳🇿 New Zealand – Samantha Poole |
Top 8 | Europe | 🇧🇪 Belgium – Karen Jansen |
Continent | Contestant |
---|---|
Africa | 🇿🇦 South Africa – Zoalise Jansen van Rensburg |
Americas and Caribbean | 🇵🇷 Puerto Rico – Valeria Pérez |
Asia and Oceania | 🇳🇿 New Zealand – Samantha Poole |
Europe | 🇺🇦 Ukraine – Maria Melnychenko |
2025 මැයි 25, ප.ව. 9:40
2025 මැයි 25, ප.ව. 3:30
2025 මැයි 25, ප.ව. 2:39
2025 මැයි 25, පෙ.ව. 12:03
2025 මැයි 25, පෙ.ව. 12:02
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25