hit counter

2025 ජූනි මස 02 වන සඳුදා

2025 මැයි 31, ප.ව. 6:09



‘මාව ඇත්තටම දන්න අය තේරුම් ගන්නවා ඇති මේ හුදෙක් එක් අවදියක හෝ ක්ෂණික සිහිනයක් නොවන බව.

මම ඊට වසර හතක් මඟ බලා සිටියෙමි. ඒ දරුවෙකු බිහිකර, ඒ දරුවාව පාසල් යවන තරමේ කාලයකි. ඒ තරම් ම කාලයක් මේ සිහිනය මුල් බැසගෙන තිබුණා.

ලෝක රූ රැජින කියන්නේ මම අහම්බෙන් හොයාගත්ත දෙයක් නෙවෙයි. ඒක හදිසියේ ගත්ත තීරණයකුත් නෙවෙයි. නැත්නම් තරඟවලට කැමති නිසාම මම තෝරාගත් මාර්ගයකුත් නෙවෙයි.

ලෝක රූ රැජින ගැන මම මුලින්ම දැනගන්නකොට මට වයස අවුරුදු 7 යි.

“මට දවසක එතනට එන්න ඕන” කියලා මම මට ම කියාගන්නකොට, වයස අවුරුදු 17 යි.

නමුත් ජීවිතයට වෙනත් සැලසුම් තිබුණා.

අවුරුද්දකට පස්සේ, මගේ ආදරණීය ආත්තම්මා නැති වුණා. ඒ මම කවුද කියලා හැඩගස්වපු කාන්තාව. ඊට පස්සේ වසංගත ඇතුළු අර්බුද මාලාවක් ආවා. ඒක මේ සිහිනය තවත් ඈතට තල්ලු කළා. මට උත්සාහයක් ගන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ.

නමුත් ඒ ඉලක්කය…. වසරින් වසර මා තුළ නිහඬව දැල්වෙමින් තිබුණා ඒ ගින්න.

මම බලාගෙන හිටියා.

මට තවත් තරඟයක් නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබුණා. නමුත් මට ඊට හිත එකඟ කර ගත නොහැකි වුණා. ඒ වන විටත් මගේ හදවත කතා කරලා ඉවරයි.

ඉන්පසු එළැඹියේ මා සියල්ල අතහරින්නට හිත හදා ගත් කාලයයි. ඒ නිවේදනය දකින්නේ එවන් මොහොතක.

‘ලෝක රූ රැජින ශ්‍රී ලංකා’ මට දැනෙනවා, විශ්වය එසේ මුමුණන බවක්.

“තාම නෑ, ඔයාට තාම කරන්න දෙයක් තියෙනවා”

මම වහාම අයදුම් කළා.

මම තමයි පළවෙනියා !!

ඉතිරිය ඉතිහාසයයි… නමුත් එය මේ පහසුවෙන් ලියා ඇති ආකාරයට නොවේ.

ධෛර්යය, ඔරොත්තු දීමේ හැකියාව, ඇදහිල්ල… මේ ගමනට මම ඒ සියල්ල ලබාදුන්නා.

බිඳ වැටෙන සෑම අවස්ථාවකම යළි ගොඩ නැගෙන්නට මට සිදුවුණා. වැටෙන සෑම අවස්ථාවකම මට නැගිටින්න සිදුවුණා. මාව විශ්වාස කරන්න, මම එක් වරකට වඩා කඩා වැටී තිබේ.

මගේ Head to Head කතාවේදී, මම කිව්වේ මම ඒකාකෘති බිඳ දමන කෙනෙක් කියලා.

මගේ ඒ සෑම වචනයක්ම අරුත් සහගතයි.

”මට කවදාවත් Miss Sri Lanka වෙන්න බැහැ, ශ්‍රී ලංකාව රූ රැජින තරගාවලිවල තැනක් දිනාගෙන නැහැ, මිස් වර්ල්ඩ් හි මට කිසිම තැනක් ලැබෙන්නෙ නැහැ”

ඒ මම අහපු කතා.

නමුත් දැන් ‘අප’ මෙතැන. අපි එක්ව, එසේ කියූවන් වැරදි බව ඔප්පු කළා.

මගේ හදවතේ ඇති සත්‍යය මම දන්නවා. මේ ගමනට ඔබ සැමගේ ආදරය සහ සහයෝගය නොතිබෙන්නට, මට මේ කිසිවක් කළ නොහැකි වනවා.

අද රෑ මොනව වෙයිද කියලා මම දන්නේ නැහැ.

ඒ වගේම, කිරුළ ඊට උරුම හිස හොයාගන්නවා කියලත් මම දන්නවා.

කෙසේ නමුත්, මේ ගමන කිරුළකට වඩා වැඩියමක්. එය ශක්තිය, සහෝදරත්වය මතුවටත් ගොඩනඟනු ඇති.

අපි සැවොම කිරුළ ගෙන නිවෙස් කරා නොයමු. නමුත් තවත් වසර ගණනාවකට පසුව කෙනෙක් මා අමතා කිව හැකියි, “මගේ දරුවා ඔයාගේ රටේ ඉන්නවා. ඔයා එයාව බලාගන්නවාද ?” යනුවෙන්.

මම එකහෙළාම ‘ඔව්’ කියනවා.

ඒ වගේම මම දන්නවා, ඔවුන් මටත් එලෙසම සලකාවි.

මෙය අප එක්ව නිර්මාණය කළ දෙයක්. එයත් එක්තරා ආකාරයක ජයග්‍රහණයක්…”

( Anudi Gunasekara සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් ඇසුරිනි )





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: