2025 මැයි 21, පෙ.ව. 12:03
මේ පළවෙනි රූපෙ ඉන්නෙ 1994 Miss india වුණු, ඒ අවුරුද්දේම Miss universe වුණු ඉන්දියාවෙ සුෂ්මිතා සෙන්.
මේ දෙවෙනි රූපෙ ඉන්නෙ ඊට අවුරුදු 30 කට පස්සෙ, ඒ කිව්වෙ 2024 අපේ Miss Sri Lanka වුණු Anudi Gunasekara
මේ දෙන්නා තම තමන්ගේ රටවල්වල ප්‍රධාන රූ කිරුළ ගන්න ජයග්‍රහණය පිටුපස හිටපු එක මහ පොදු සාධකයක් තියෙනවා.
ඒ තමයි ඔවුන්ගේ ආදරණීය අම්මලා.
මං එහෙම කියන්නේ හේතු ඇතුව.
සුෂ්මිතා, Miss India වුණු අවුරුද්දෙ කරපු සාකච්ඡාවකදී මේ එයා ඇඳගෙන ඉන්න කළු පැහැති ඇඳුම ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා.
“When I went for Miss India, we didn’t have enough money to buy designer clothes and go to the stage as I needed four costumes. We are a middle-class family and we knew our limitations”
“මම මිස් ඉන්දියා තරඟයට යනකොට designer cloths මිලදී ගන්න මට සල්ලි තිබුණේ නෑ. අපි මධ්‍යම පංතියේ පවුලක්. අපි අපේ සීමාවන් දැනගෙන හිටියා.”
වැදගත්ම කොටස තමයි මෙන්න මේක. ඒ සාකච්ඡාව ගැන ඉන්ටර්නෙට් එකේ තියෙන කොටස් එහෙම පිටින්ම තමයි මේ උපුටලා තියෙන්නේ.
“We bought some fabrics from the Sarojini Nagar market. Right below where we lived, a man used to stitch peti coats in the garage. We gave the clothes to him and said see it is going to be shown on television so please make it good. With that fabric, he tailored my winning gown and my mom used the remaining fabric to make roses for the finishing part. Then we bought brand new black socks which my mom cut and put an elastic and that is what I wore as my gloves.”
“අපි සරෝජිනී නගර් වෙළඳපොළෙන් රෙදි කිහිපයක් ගත්තා. අපි ජීවත් වූ තැන කිට්ටුව පෙටි කෝට් මහන කෙනෙක් හිටියා. අපි ඔහුට රෙදි ටික දීලා කිව්වා, ‘මේක රූපවාහිනියේ පෙන්වනවා, ඒ නිසා කරුණාකරලා ඒ ඇඳුම හොඳින් හදන්න කියලා..’
ඒ රෙදිවලින් ඔහු මගේ ජයග්‍රාහී ගවුම මැහුවා.
මගේ අම්මා ඉතිරි රෙදිවලින් ඇඳුම අලංකාර කරන රෝස මල් හැදුවා. ඊට පස්සේ අපි අලුත්ම කළු මේස් එකක් ගත්තා, මගේ අම්මා ඒක කපලා ඉලාස්ටික් එකක් දැම්මා, ඒක තමයි මම අත්වැසුම් ලෙස පැළඳගත්තේ..”
එතනින් පස්සෙ සුෂ්මිතාගේ කතාව මං අවසන් කරනවා.
නමුත්, එදත් අදත් ඉතා තරගකාරී විශාල ජනගහනයක් ජීවත් වෙන, රූප රාජිනී තරග සඳහා අභිරූමත් තරුණියන් ඉදිරිපත් වන ඉන්දියාවේ, ඇයගේ අවසන් ජයග්‍රහණයට ඒ ආදරණීය අම්මාගේ උත්සාහයත්, නිර්මාණශීලී හැකියාවත් මනා පිටි වහලක් වෙන්නම ඇති.
මේ සටහන කියවන කෙනෙක් හිතන්න පුළුවන් එක්කෝ සුෂ්මිතා කියපු කතාව මිනිස්සු අතරේ වඩාත් ජනප්‍රිය වෙන්න හදා ගත්තු බොරුවක් වෙන්න ඇති කියලා.
නැත්නම්, 1994 ට වඩා, අද වෙනකොට තරඟකාරීත්වය ඉතාම වැඩි නිසා පළපුරුදු නිර්මාණ ශිල්පීන්ගේ සහය මේ වගේ තරගාවලිවලට අත්‍යවශ්‍යයි, එහෙම නැත්නම් දිනන්න බෑ කියලා.
දෙවැනි ඡායාරූපයේ ඉන්නෙ අපේ අනුදි.
ඇය ඉන්ස්ටග්‍රැම් අවකාශයට එකතු කරපු මේ රූපයේ යටින් ලියල තියෙනවා, මේ ඇඳුම නිර්මාණය කළේ එයාගේ අම්මා කියලා.
අම්මා කෙනෙකුගේ ශක්තිය, ධෛර්යය, ආදරය, විශ්වාසය, දරුවකුගේ ජයග්‍රහණයට මහා ආශිර්වාදයක් වනවා නොඅනුමානයි.
සුෂ්මිතා Miss India වුණෙත්, අනුදි Miss Sri Lanka වුණෙත්, අනිත් හැම දෙයක් එක්කම අම්මාගේ ආදරය සහ ආශිර්වාදය තිබුණු නිසාම වෙන්න ඇති.
මේ දවස්වල අනුදි සම්බන්ධයෙන් පළවෙන බොහෝ සටහන්වල ඇයගේ ජයග්‍රහණය සඳහා සුබ පැතුම් දහස් ගණන් තිබෙනවා.
ඒ වගේම සමහරු අදහස් දක්වලා තිබුණා අනිත් තරගකාරියන්ට සාපේක්ෂව තරගාවලිය පුරාවට අනුදිගේ ඇඳුම් ඒ තරම් සුදුසු මට්ටමක නැහැ. මීට වඩා ඇය ඉහළින් සුදානම් විය යුතුව තිබුණා වගේ කතා.
මම තැනක කමෙන්ට් එකක් දැක්කාම මෙවර ඉන්දියාවේ තරගකාරිය වන නන්දනී ගුප්තා, හඳුන්වා දීමේ වැඩසටහන සඳහා ඇඳපු ඇඳුම, අවුරුදු දෙකක් තිස්සේ නිර්මාණය කරපු එකක් බව. අනුදි භාවිතා කළ නිල් මානෙල් මල සංකේතවත් කරන ඔසරිය ගැන පවා ඇතැම් අය විවේචන එල්ල කරලා තිබුණා.
නමුත්, අත දිග හැරලා රූ රැජිණ තරඟවලට වියදම් කරන්න තරම් පොහොසත් අනුග්‍රාහකයෝ අතින් හිඟපාඩු තියන ලංකාව කියන පුංචි දූපතෙන් ලෝකයට ගිහිල්ලා, බලවත් රටවල් රැසක් එක්ක, තරඟකාරියෝ 110 දෙනෙකු සමඟ කරට කර තරග වදින, සාමාන්‍ය පවුලක ඉපදුණු, රජයේ සේවකයකුගේ දුවක් වන අපේ පුංචි කෙල්ල දැනටමත් අපේ රට වෙනුවෙන් මේ කරන හරිය මදි ද..?
අනිත් අතට අනුදි කලක් තිස්සේ ලංකාවේ ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාම යටතේ නිරූපිකාවක් වශයෙන් කටයුතු කරපු, ඒ ක්ෂේත්‍රයත් සමග මනා සම්බන්ධකම් ඇති කෙනෙක්.
ඒ නිසා ඇය මේ තරගාවලියට මුහුණ දිය යුතු හොඳම ආකාරය පිළිබඳව අපි කාටත් වඩා හොඳින් දන්නවා ඇති.
ඒ පිළිබඳව නොසෑහෙන්න අධ්‍යයනය කරලත් ඇති.
ඔය beauty pagent ගැන මගේ දැනුම අල්පයි. ටිකකට කලින් මගේ හිතවතියක් කිව්වා, ඔය වගේ තරගාවලියකදී ඇඳුමට වඩා කැපී පෙනෙන්න ඕන තරගකාරිය බව. ඇය තෝරා ගන්න ඕනේ ඇඳුමට වඩා තමාව කැපී පෙනෙන ආකාරයේ ඇඳුම් බව. ඇයට වඩා ඇඳුම ඉස්මතු වුණොත් ඇය එතනදී අසාර්ථක වෙන්න පුළුවන් බව. ඒ අදහසට මමත් එකඟයි.
හැමදේම අපිට ඉතා පළපුරුදු වෘත්තීය ප්‍රවීණයන්ගෙන් අදහස් අරගෙන ඉතා ඉහළම මට්ටමෙන් නිර්මාණය කරන්න හැකිනම් වඩාත් හොඳ බව ඇත්ත. නමුත් එහෙම කරන්න හැකියාවක් නැත්නම් මොකද කරන්නේ?
තියෙන විදිහට ගේමක් ගහන්නම සිද්ධ වෙනවා.
අනුදි, දහසක් අඩුපාඩු මැඩගෙන ධෛර්යය සම්පන්නව මේ තරගාවලියේ ඉදිරියටම යන්නට ඔබට හැකියාව ලැබේවා..!
ඔබේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයයි.
ඔබට ජයම වේවා.!!
– copied –
2025 මැයි 21, පෙ.ව. 12:01
2025 මැයි 20, ප.ව. 11:00
2025 මැයි 20, පෙ.ව. 11:13
2025 මැයි 20, පෙ.ව. 12:22
2025 මැයි 20, පෙ.ව. 12:08
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25