hit counter

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 28, ප.ව. 1:43



72 වන ලෝක රූ රැජින තරගාවලියේ, Multimedia Challenge වටයෙන් අවසන් තරගකාරිනියන් අතරට පැමිණීමට, ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්ව තිබෙනවා.

ඒ අනුව අනුදි Multimedia Challenge තරග වටයේ අවසන් තරගකාරිනියන් 20 අතරට අයත් වනු ඇති.

ඇය නියෝජනය කරන Asia – Oceania කලාපයෙන් අවසන් නියෝජනයන් 20 අතරට තේරීපත් වුණු අනෙක් ‍රටවල් වන්නේ,

නවසීලන්තය

පිලිපීනය

තායිලන්තය

වියට්නාමය යන රටවල් හතරයි.

අනුදිගේ මෙම ජයග්‍රහණයේ තවත් විශේෂත්වයකි.

ඒ, ඇය මෙම කාණ්ඩයෙන් අවසන් තරගකාරිනියන් අතරට පැමිණි පළමු ලාංකික නියෝජන වීම නිසාවෙනි.

මෙම තරග වටයේ අවසාන ප්‍රතිඵලය සිකුරාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: