hit counter

2024 ජූනි මස 29 වන සෙනසුරාදා

2024 ජූනි 27, පෙ.ව. 12:04



අපූර්වා ආශාවරි කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරු මාවත තුළින් සංගීත ලොවට දායාද වුණු තවත් තරුවක්.

යසිත් කෙලඹිආරච්චි ගැයූ සීතල හාදුවකින් සින්දුවේ ෆීමෙල් වර්ෂන් එක ගයන්නේ අපූර්වා ආශාවරි.

ඒ එක්කම මේ දිනවල අපූර්වා ආශාවරිගේ ආදර කතාවක් ගැනත් පැතිර යනවා.

රංගන ශිල්පියෙක් එක්ක පෙමින් බැඳිලා කියන්නෙ ඇත්තද?

ප්‍රේමය කියන්නේ මිනිසුන්ට ඕනේ දෙයක්. ප්‍රේමයට අපේ වෘත්තීය අදාළ වෙන්නේ නැහැ. මේ දවස්වල රංගන ශිල්පියෙක් එක්ක මගේ නමත් කතා වෙනවා. අපි බලමු ඉස්සරහට. ඒ තුළින් මගේ වෙනස් විදියහේ අලුත් නිර්මාණයක් වෙන්නත් පුළුවන්.

අපූර්වාගේ ඒ ආදර කතාවත් කියමුද?

මාව පෞද්ගලිකව මේ තැනට ගෙනාවේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට ඕනේ අපෙන් හොඳ නිර්මාණ මිසක් අපේ පෞද්ගලික දේවල් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා පෞද්ගලික ජීවිතේ දේවල් ඒ ඒ වෙලාවන්වලදී හරි විදිහට සිද්ධ වුණාම ප්‍රේක්ෂකයින් දැන ගනීවි. ලස්සන නිර්මාණවලින් ප්‍රේක්ෂක හිත් සතුටු කිරීම මට තියෙන වගකීම. ඒ වගකීම මම හරියටම ඉෂ්ට කරනවා.

සංජය ආදරවන්තයා විදිහට තෝරා ගන්න හිතුණේ ඇයි?

සංජය අයියා කියන්නේ මගේ ජීවිතේ සමීපම කෙනෙක්. අපි අතරේ ලොකු තේරුම් ගැනීමක් තියෙනවා. සංජය අයියා කියන්නේ විවෘත චරිතයක්. ඔහු ආදරවන්තයා විදිහට නෙවෙයි මගේ ජීවිතේ ඉන්නේ. හැබැයි මට සමීපම හොඳම මිතුරෙක් විදිහට මම එයාට ගරු කරනවා. එයාට හොඳ විදිහට මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන්. ඒ ගැන මට හරිම සතුටුයි. ආදරවන්තයා විදිහට තෝරා ගන්න වුණත් එයා හොඳ කෙනෙක්. අපිට ඕනෙත් ආදරයේ දී ආදරණීය සහ අපි ගැන සොයා බලන කෙනෙක්නේ. ඒ නිසා එයා ආදරවන්තයා විදියටත් සුදුසුයි.

මේ අවුරුද්දේ මංගල සීනු හැඬ වෙයිද?

අනේ නැහැ. දැන්ම නම් මංගල සීනු හැඬ වෙන්නේ නැහැ. මට තාම අවුරුදු 21යි. මගේ ජීවිතේ මම වැඩ ටික පටන් ගත්තා විතරයි. මට කරන්න ගොඩක් වැඩ තියෙනවා. කොහොමත් තව අවුරුදු හත අටක් යනකම්ම මම මාව මෙතනට ගෙනාපු ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වෙන දේම මම දෙනවා. ඒ නිසා තව අවුරුදු 10ක් විතර යනකම් නම් මංගල සීනු හැඬ වෙන එකක් නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: