2025 මැයි 20, පෙ.ව. 12:05
රණවිරු දිනේ හින්දා තාත්තා ගැන ලියන හෑල්ලක්
මම ඉපදුනේ දෙදාහේ පොසොන් දවසෙ.
අම්මට මාව හම්බවෙන්න මාස ගානක්
විතර තියෙද්දි ඉඳන් තාත්තා හොයාගන්න ඉඳලා නෑ .
” මට මතකයි ඉස්සර අම්මා මට කියනවා ඒ කාලේ මගෙ අත්තා මගෙ තාත්ත්ගෙ ෆොටෝ එකක් අරන් දවසෙන් දවස එක එක හොස්පිට්ල් ගානේ යනවලු , තාත්තව හොයන්න ”
ගෙදර අය මාස තුනක් විතර තාත්තව හොයලා තිබුනා .
මම ඉපදෙනකොට මගෙ තාත්ත මගෙ ලග නෑ..අඩුම අම්මට තාත්තගෙන් මාස ගානකින් කෝල් එකක්වත් ඇවිත් නෑ…
“අම්මගෙ හිතේ කොච්චර නම් වේදනාවක් තියෙන්න ඇතිද..එයාගෙ දරුවට තාත්තෙක් නෑ ”
කොහොමත් අපෙ ගෙදරට land phone එකක් ගෙනාවේ 2007 වගේ . මට ඒක මතකයි .
එතකොට 2000 කියන්නේ ඒ කාලේ phone තිබුන්නෑ .
එන කෝල් එකක් එන්නේ තැපැල් කන්තෝරුවට . එතනින් තමයි පනිවිඩේ එන්නෙ .
නැත්නම් ලියුම් තමයි ගෙදරටම එන්නෙ .
අම්ම හැම තප්පරේම බලන් ඉන්න ඇති අඩුම එක ලියුමක් හරි එහෙමත් නැත්නම් තැපැල්කන්තෝරුවට එක කෝල් එකක් හරි තාත්තගෙන් එනකල් .
තාත්තගෙ නම සමහරවිට අතුරුදන් ලිස්ට් එකේ තියෙනවද කියලා අම්මගෙ ගෙදර අය බලන්න ඇති .
එච්චරට එයාව හෙව්වා .
අම්මට මාව හම්බවෙලා දවස් ගානකින් රාගම හොස්පිට්ල් එකෙන් කෝල් එකක් ආවලු තාත්ත හොස්පිට්ල් එකේ ඉන්නව කියල….
අම්මලා තාත්තව බලන්න යද්දි මුලු මූනම බැන්ඩේජ් කරලලු හිටියේ ….
“මෝටාර් එකක කෑලි ඇවිත් වැදිලා එයාගෙ ඇහේ වැදිලා ”
තාත්තව හොයාගන්න නැතුව හිටිය කාලේ තාත්තා මාස ගානක්ම ඉඳලා තියෙන්නේ කැලේ .
” එයාට වෙඩි වැදිලා ”
එයා කියනවා එයාට වෙඩි වැදුනේ කැලේ මැද හරියෙදි වගේලු .
එතන ඉඳන් එයා දවස් ගානක් කෑම තියා වතුර බිංදුවක්වත් නැතුව ඒ කැලෙන් එලියට ආවෙ බඩගාගෙනලු .
එහෙම එද්දී එයාට ඇහුනලු tractor එකක් යන සද්දයක් .
ඒ සද්දෙට එයා කෑ ගහ ගහ එයාලගෙන් උදව් ඉල්ලුවලු .
ඒ tractor එක army එකේ අයගේ නොවී terroristsලගෙ එකක් උනානම් !
ඒ වචන ටික type කරපු තප්පරෙත් මට දැනුනා මගෙ හාට් එක එකදිගට වේගෙන් ගැහිලා නැවතෙන්න එනවා .
එහෙම උනානම් අදටත් මම තාත්තා කෙනෙක් නැති ලමයෙක් .
ආසාවකටවත් “තාත්තා ” කියලා කතා කරන්න කෙනෙක්ව හම්බෙලා තියා දැකලාවත් නැති ලමයෙක් .
ඒත් ආත්ම කෝටියක විතර පිං කරලා තියන නිසා වෙන්න ඇති එයාව බේරුනා .
මගෙ තාත්ත වගේ තාත්තලා කී දෙනෙක් එදා බේරෙන්න උත්සහ කරන්න ඇතිද..?
ඒ උනාට එහෙම නොවුන කීදෙනෙක් එදා හිටියද ?
ලමයි නර්සරි දාන්න ගෙනියන්න ඒ ලමයින්ගෙ අම්මයි තාත්තයි දෙන්නම එනකොට අඩුම මගෙ තාත්තට මාව නර්සරි බාරදෙන්නවත් මගෙත් එක්ක ඉන්න බැරිඋනා.යුද්දෙ දරුනුවටම තිබ්බ නිසා.. මට වගේ තව ලමයි කී දෙනෙක්ට එහෙම වෙන්න ඇතිද?
ඉස්කෝලෙ බාරදෙන්නත් එහෙමයි..මගෙ තාත්තට මගෙ කොන්සර්ට් වලට රැස්වීම් වලට එන්න බැරි උනා..ඒ කාලෙ මම එයාට එන්න කියන්නම කියල අඩද්දී මට මතකයි අම්ම මම කොච්චර පොඩි ලමයෙක් උනත් ,
“දුවේ තාත්ත යුද්දෙට ගිහින් ඉන්නේ ඔයා වගේම තව ලමයි ..ඔයාගෙ අම්ම වගේ අම්මලා…කිරි අම්මලා කිරි අත්තලා ගොඩාරියක් බේරගන්නනෙ ..අඩන්නෙපා ඒක හින්දා .ඊලග පාර තාත්තට අපි එන්න කියමු ” කියල මගෙ හිත හැදුවා ..
තව අම්මලා කී දෙනෙක්නම් අහිංසක පුංචි හිත් කීයක්නම් ඒ විදියට හදන්න ඇතිද?
අම්ම වගේම මමත් තාත්තගෙන් කෝල් එකක් එනකල් මග බලන් ඉන්න පුරුදු උනා…කෑම්ප් එකෙන් කෝල් එකක් ආවත් ප්‍රාර්ථනා කරේ ඒක කෑම්ප් එකේ වෙන කෙනෙක්ගෙන් නොවී තාත්තගෙන්ම වෙන්න කියල..මොකද කෑම්ප් එකෙ වෙන කෙනෙක් කතා කරන්නේ තාත්තට කරදරයක්නම් විතරයි කියල මාත් දැනගෙන හිටිය හින්දා…
අපට කරන්ට් එක තිබ්බෙ නෑ…යුද්දෙ තත්වෙ දැනගන්න ටීවි බලන්නවත් විදියක් තිබ්බෙ නෑ..අපෙ ගෙවල් ලග කඩයක් තියනව ඒ ගෙදර කලුසුදු ටීවි එකක් තිබ්බා..නිව්ස් යන වෙලාවට අපි ඒ ගෙදරට යනව.
අද මෙහෙයුමේදී මෙච්චර ගානක් මැරුනා..මෙච්චර ගානක් තුවාල උනා කියද්දී දැනුන වේදනාව මතක් වෙනකොට මේ දැනුත් පපුව පිච්චිලා යනව
“අනේ බුදුසාදු ඒ මැරුන අය අතර මගෙ තාත්ත නෑනේද ” කියල හැමදාම බුදුපිලිමෙ ලගට ගිහින් අහලා මම අඩල තියනව..
තව ලමයි කී දෙනෙක් ඒ දේම එහෙමම කරන්න ඇතිද?
මොකද මායි අම්මයි දෙන්නම මාස ගනං තාත්තව නොදැක තාත්තගෙ කටහඩ අහන්නැතුව අනන්තවාරයක් ඉදල තියනව..
මේ ලගදි සහාරාන්ගෙ බෝම්බ ප්‍රහාරය වෙලාවෙ මිනිස්සුන්ට දැනුන බයට වඩා සිය දහස් වාරයක් වැඩි බයක් තමන්ගෙ කෙනෙක් ආමි එකේ ඉන්න මිනිස්සු විදල තියනව…
“යුද්දෙ ඉවර උනා ප්‍රභාකරන් මැරුනා”
කියල හැම තැනින්ම ඇහෙද්දී දැනුන සතුට අදටවත් මම වෙන දේකින් විදල නෑ..
මට මතකයි මගෙ ඉස්කෝලෙ යාලුවො මට තාත්ත කෙනෙක් නැද්ද කියල අහල තියනව..මොකද එයාට කවදාවත් එන්න බැරි උනා මගෙ ඉස්කෝලෙට..
යුද්දෙ නිසා ලමයි කී දෙනෙක්ට තමන්ගෙ තාත්ත නැති වෙන්න ඇතිද..කී දෙනෙක්ට තමන්ගෙ ස්වාමියා නැති වෙන්න ඇතිද..ඒ වේදනාව දන්නෙ උන්ම විතරයි …
යුද්දෙ ඉවර වෙලා එයානිවාඩු ආවම මම
ස්කෝලෙට ගියෙ තාත්ත එක්ක .
එයාව ඉස්කෝලෙට එක්කන් ගිහින් මේ ඉන්නෙ මගෙ තාත්ත කියල යාලුවන්ට පෙන්නුව මට මතකයි..
අදටත් මට මගෙ තාත්තා වෙන පොඩි එකෙක්ව වඩාගන්න හදනව දැක්කත් මට ඒ පොඩි එකාව මරන් කන්න තරම් කේන්තියි .
කේන්තියි නෙවෙ මට ඊරිසියයි .
” අඩුම මම මගෙ අම්මවත් තවටත් මම ඉද්දි මගෙ තාත්තා ලඟ ඉඳගන්නවටවත් කැමති නෑ ”
ගොඩක් වෙලාවට පව්ලෙ එකම ලමයා උන කෙනාට ජීවිතේ එකම තප්පරේක හරි අනේ මට තව සහෝදරයෙක් සහෝදරියක් හිටියනම් කියලා හිතිල ඇති .
විශ්වාස කරන්න මට මගෙ මේ අවුරුදු විසිපහටම එහෙම එක වතාවකටවත් හිතිලා නෑ .
මට හිතෙන්නෙම ,
” හොඳ වෙලාවට හිටියෙ නැත්තෙ , හිටියනම් එහෙම මම තාත්තව ඌ එක්කත් බෙදාගන්න එපැයි ” කියලා .
මහ දුශ්ට ආත්මාර්ථකාමී සිතුවිල්ලක් වෙන්න ඇති ඒක .
එක්කො ඒ මම මගෙ පොඩි කාලේ එයා මගෙ ලඟ හිටියෙ නැති එකේ ඇරියස් එකක් කවර් කරනව වෙන්න ඇති .
ඒත් මට තියෙන්නේ
” තාත්තා මගේ , මගෙ විතරයි ” කියන හැඟීම විතරයි .
මගෙ තාත්ත ඉන්ජිනියර් කෙනෙක්..මගෙ තාත්ත ලෝයර් කෙනෙක්..මගෙ තාත්ත ඩොක්ටර් කෙනෙක්..මගෙ තාත්ත බිස්නස්මන් කෙනෙක් කියල කියන ලමයි අතරෙ උන්ට වඩා හයියෙන් මගෙ තාත්ත නම් අවුරුදු විසිගානක්ම ආමි එකේ කියල මම කිව්වෙ හෙන ගැම්මෙන්.
උන්ට ඒක නිකම්ම නිකම් රස්සාවක් උනාට
” යුද්දෙට ගිහින් පස්පාරක් වෙඩි වැදිල සනීප උන ගමන්ම ආයම යුද්දෙට ගිය මගෙ තාත්ත මට සුපර්මෑන් කෙනෙක්”
” රටක් රකින්න එයාගෙ දරුවා , බිරිඳ පව්ල මේ හැමදේම අතෑරලා යුද්දෙට ගිය එයා ,
එයා මගෙ සුපර් මෑන් ”
2025 මැයි 20, පෙ.ව. 12:22
2025 මැයි 20, පෙ.ව. 12:08
2025 මැයි 20, පෙ.ව. 12:05
2025 මැයි 20, පෙ.ව. 12:05
2025 මැයි 19, ප.ව. 12:51
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25