2025 අප්‍රේල් 11, පෙ.ව. 12:24
ලග්නාධිපති කුජ 4 වැන්නේ ද කේතු 6 සහ සඳු 7 වැන්නේ ද රාහු, සිකුරු, බුධ සහ ශනි 12 වැන්නේ ද රවි ලග්නගතව ද ගුරු 2 වැන්න ගෝචර මෙම වසර ශුභයි.
රැකියා අංශවල කැපීපෙනේ. තනතුරු ලාභ ද ලබයි. රැකියා ලාභ ලබයි. විදෙස් රැකියා ද ලාභ ලබයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ඇතිවෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ද ගෙන දෙයි.
ගෘහ ජීවිතය ශුභයි. පවුලේ දියුණුවට කරන කටයුතු ජය ගෙන දෙයි. වරින්වර ප්‍රීති උත්සව සාද යෙදේ. අවිවාහකයන්ට ශුභයි. මංගල සීනු නාදවෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. අඹු-සැමි අතර සුහදතා වර්ධනය වෙයි. විදෙස් ගමන් සඳහා උදව් උපකාර ද ලබයි.
අධ්‍යාපනික කටයුතුවලින් ජය ගෙනදෙයි. උසස් පාඨමාලා හැදෑරීමට හේතුයි. සෞන්දර්ය ක්‍රියාවන්ගෙන් ජය ගෙනදෙයි. නව නිවාස ලාභ ලබන අතර ඉඩ කඩම් ලාභ ද ගෙනදෙයි. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදින් දහමට යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ.
ලේ දූෂිත රෝග, මධුමේහ රෝග මතු කරයි. අර්ශස්, භගන්දරා වැනි බඩවැල් රෝග ද මතු කරන අතර ආහාරපාන ප්‍රවේශමෙන්.
ශුභ වර්ණය: රතු, රෝස, ජය අංකය: 05, 07
වසරේ අඩු පාඩු සමනයට පහත පූජාවන් මැනවි. සංඝරත්නය උදෙසා දාන මානාදී කටයුතුවල යෙදීම. පුළන්නන් උදෙසා ද දාන මානාදි වියළි සලාක ආදියෙන් උදව් දීම. කතරගම, ගණපති දේව පූජා පවත්වා සෙත් ලබාගැනීම මැනවි.
ලග්නාධිපති සිකුරු රාහු, බුධ, ශනි සමග සංයෝගව 11 වැන්නේ ද රවි 12 වැන්න ද ගුරු ලග්න ගතව ද කුජ 3 වැන්නේ සහ කේතු 5 වැන්න ද සඳු 6 වැන්න ද ගෝචර මෙම වසර ශුභාශුභ ඵල දෙයි.
රැකියාවේ උසස් වීමකට හේතුයි. රැකියා විරහිත වූවන්ට රැකියා ලාභ ලබයි. ව්‍යාපාරවලින් ජය දේ. තැන්පත් ධනය වර්ධනය වන කරුණු යෙදේ. පොළොව ආශ්‍රිත වස්තු ලාභ දෙයි.
ගෘහ ජීවිතය ශුභඵල දෙයි. තම අරමුණු ජය ගෙනදෙයි. හොඳ මිතුරන් ඇසුරට පත්වෙයි. බලාපොරොත්තු නොවුණු ලෙස ගමන් බිමන් ද යෙදේ. තම ඥාතින් වෙනුවෙන්, අනුන් වෙනුවෙන් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවේ. ප්‍රේම සබඳතා වර්ධනයවේ. විවාහය දක්වා දිවේ.
උත්සව සාද වරින්වර යෙදේ. නිවාස අලුත්වැඩියාවකට හෝ නිවාස සෑදීම හේතුයි. විදෙස් ගමන් සඳහා සැලසුම් කිරීම, ඒ සඳහා යොමු වන අයට ශුභයි. අධ්‍යාපනයෙන් ජය ලබයි. තරග තුරඟවලින් ජයවේ. පෙනෙන මෙන්ම නොපෙනෙන සතුරු බලපෑම් එල්ලවේ.
දහමට ළැදිව ක්‍රියා කරයි. ආධ්‍යාත්මික ගුණ වගාවන්හි යෙදේ. කලක් මනසට වධ දුන් ප්‍රශ්න මඟහැරේ. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි.
රෝගකාරක වශයෙන් සන්ධි ප්‍රදාහ රෝග, හෘද රෝග මතු කරයි. ලේ දූෂිත රෝග ද මතු කරයි. හමේ රෝග, භගන්දර මූල රෝග මතු කරයි.
ජය වර්ණය: සුදු, රෝස, ජය අංකය: 03, 06
දානශීලාදි ගුණ දහම්වල යෙදීම. සිර කළ සතුන් බෝධියකදී පෙර පින් මතුවීමට නිදහස් කිරීම. දරුසම්පත් ලබන්නට ඇති මාතාවන් උදෙසා වස්ත්‍ර සහ ආහාර දානමය ලෙසින් දී ආශිර්වාද ඉල්ලා සිටින්න.
ලග්නාධිපති බුධ, රාහු, ශනි සහ සිකුරු සමග සංයෝගව 10 වැන්නේ ද රවි 11 වැන්න ගුරු 12 වැන්න සහ කුජ 2 වැන්න කේතු 4 සහ සඳු 5 වැන්න ගෝචර මෙම වසර මධ්‍ය ඵලයි.
රැකියාවේ උසස් මෙන්ම වගකීම් බහුල වෙයි. සතුරු බලපෑම් මත සිත් චංචල වෙයි. ලාභ ලබයි. දියුණුවට හොඳයි. ව්‍යාපාරවලින් ලාභ ගෙනදෙයි. තැන්පත් ධනය වර්ධන මෙන්ම ධන හානි ද දෙයි.
ගෘහ ජීවිතයේදී ශුභවාදී ඵල දෙන අතර අන් අයගේ ආරංචි මත සිත් චංචල කරවයි. අවිස්වාසය ඇති කරයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. පදිංචියේ වෙනසකට හේතුයි. තම අරමුණු ජය ගනී. සතුරන් ධමනය වෙයි.
උත්සව සාද යෙදේ. විරුද්ධ ලිංගිකයා සමග සබඳතා මත තරමක් පීඩා මතු කරයි. ධන හානි යෙදේ. විදෙස් ගමන් සඳහා ශුභයි. ඥාති මිත්‍රාදින්ගෙන් උදව් උපකාර ලබයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට මහන්සියේ තරමට ප්‍රතිඵල ලබයි. තරමක් ධාරණ ශක්තිය හීන කරයි. උනන්දු වන්න. දහමට ළැදිවෙයි. තරමක් අවබෝධයෙන් ක්‍රියා කිරීමෙන් අරමුණු ජය ගනී.
සෙම් රෝග බහුල වෙයි. පෙණහලු ආසාදන මතු කරයි. මුත්‍රා දෝෂ, අශ්මරි වැනි රෝග ද මතු කරයි. ආහාරවලින් ප්‍රවේශම මැනවි.
ශුභ වර්ණය: කොළ, රන්වන්, ජය අංකය: 03, 08
පවතින දෝෂ සමනයට, දහමට ළැදිව ක්‍රියා කිරීම මැනවි. ශ්‍රමණ බමුණන් කෙරෙහි ගෞරවයෙන් පුද පූජා පැවැත්වීම. අසරණ වූවෝ වෙනුවෙන් ආහාර, වස්ත්‍ර ලබාදීම. මහා විෂ්ණු දෙවිඳුට පූජා පවත්වා ආශිර්වාද ලබාගැනීම මැනවි.
ලග්නාධිපති සඳු 04 වැන්නේ ද රාහු, ශනි, සිකුරු සහ බුධ 9 වැන්නේ ද රවි 10 වැන්න සහ ගුරු 11 වැන්න ද කුජ ලග්නයේ ද කේතු 3 වැන්න ගෝචර මෙම වසර ශුභයි.
රැකියාවේ උසස්වීම්, රැකියා ලාභ ලැබීම් ඇතිවෙයි. තම ව්‍යාපාර ඇරඹීමට හොඳයි. ආදායම ඉහළ යයි. වගකීම් බහුලයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.
ගෘහ ජීවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. අඹු-සැමියන් දෙදෙනාට දෙදෙනා අවබෝධ කරගෙන ක්‍රියාකරයි. ප්‍රේම සබඳතා විවාහය දක්වා වර්ධනය වෙයි. ප්‍රීති උත්සව සාද යෙදේ. නිෂ්ඵල ගමන්ද යෙදෙන නිසා අවබෝධයෙන් තීරණ ගත යුතුය.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරගතුරඟ ජය ගනී. තම අරමුණු ජයගනී. නිවාස ලාභ ගෙනදෙයි. යාන වාහන ලාභ ලබයි. සහන සිතුවිලි මත ක්‍රියාකරයි. තමන්ගේ කරගෙන යන ක්‍රියාවන්වල දියුණුවක් පෙනේ.
තම ඥාතීන් වෙනුවෙන් තරමක් වැඩ ඉහළයි. දහමට ළැදිව ක්‍රියාකරයි. පරෝපකාරි වෙයි. මෙය තමනට තරමක පීඩාවකට ඉඩ තිබේ. දෙවරක් සිතා බලා ක්‍රියා කළ යුතුය. හදිසි ධන ලාභ, භූමි ලාභ වැනි දේවලට හේතුයි.
සිරසගත රෝග, නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. හමේ රෝග, කුෂ්ඨ රෝග මතු කරයි. සන්ධි රෝග, ස්නායු ආබාධවලට හේතුයි.
ශුභ වර්ණය: සුදු, රෝස, ජය අංකය: 04, 07
පවතින බාධා සමනයට, ශ්‍රමණ බමුණන් කෙරෙහි ගෞරවයෙන් පුදපූජා දාන මාන දීම, දරු සම්පත් ලබන්නට ඉන්න මාතාවන් උදෙසා උපකාරක දානමය ක්‍රියාව, සිර කළ සතුන් නිදහස් කිරීම, පත්තිනි දෙවිඳුට බුදු බව පතා පින් දී පූජා දී ආශිර්වාද ඉල්ලා සිටින්න.
ලග්නාධිපති රවි 9 වැන්නේ ද ගුරු 10 වැන්න ද කුජ 12 වැන්න සහ කේතු 2 වැන්නේ ද සඳු 3 වැන්න සහ රාහු, බුධ, ශනි, සිකුරු සමග 08 වැන්න ගෝචර මෙම වසර ශුභාශුභ ඵල දේ.
රැකියාවේ උසස්වීම් ලබයි. අස්ථාවර රැකියා ස්ථාවර වෙයි. ව්‍යාපාර ඇරඹීම හොඳයි. ධන සම්පත් ලාභ ලබයි. රැකියාවේදී ගරු බුහුමන් ලබයි.
අඹු-සැමියන් අතර සාමය වර්ධන ක්‍රියා යෙදේ. නව නිවාස ලාභ ලබයි හෝ නව නිවාස ඇරඹීමට හේතුයි. විදෙස් ගමන් බලාපොරොත්තු වූවන්ට එම අරමුණු ජය ගනී. තම ඥාති මිත්‍රාදින්ගෙන් උදව් උපකාර ලබයි. අවිවාහකයන්ට මංගල සීනු නාදවෙයි. සෞන්දර්ය කලාවන්ගෙන් ජය ලබයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තම ඥානය මෙහෙයවා කරන ක්‍රියාවන්ගෙන් ජය ලබයි. දහමට ද ළැදිවෙයි. තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවයි. සතුරු බලපෑම් එල්ල වුවද බුද්ධියෙන් ජය ගත හැක.
ඉඩකඩම්, යාන වාහන ලාභ ද ලබයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. තම ඥාතීන් වෙනුවෙන් ද ක්‍රියාකිරීම සිදුවෙයි.
වාතාධික රෝග, හිරිවාත, ස්නායු රෝග මතුකරයි. සන්ධි ඉදිමුම් රෝග මතුකරයි. උදරාබාධ මතු කරයි.
ශුභ වර්ණය: තැඹිල, ළා දම්, ජය අංකය: 01, 06
පවතින බාධා සමනයට, රෝගීන් සඳහා උදව් උපකාරය, සංඝරත්නය කෙරෙහි දාන මානාදිය, සිර කළ සතුන් නිදහස් කිරීම, මහා ඊශ්වර දෙවිඳුට පින් දී පූජා පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා මැනවි.
ලග්නාධිපති බුධ, රාහු, සිකුරු, ශනි සමග සංයෝගව 7 වැන්නේ ද රවි 8 වැන්න සහ ගුරු 9 යේ ද කුජ 11 වැන්න ද කේතු ලග්නගතව සඳු 2 වැන්න ගෝචරය වසර ශුභයි.
රැකී රක්ෂාවල උසස්වීම් සහ ලාභ ගෙනදෙන ව්‍යාපාර ඇතිවෙයි. කරන කුමන රැකියාවන්වලින් හෝ ධන සම්පත් ලාභ ගෙන දෙයි. ප්‍රධානීන් තමනට අවනත වෙයි.
ගෘහ ජීවිතය ශුභයි. අඹු-සැමි දෙදෙනා දෙදෙනාම තේරුම් ගෙන ඉදිරියට යයි. ඉඩකඩම්, පිළිබඳ ගැටලු සමනයට පත්වෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට ද සිදුවේ. උත්සව සාද වැනි දේ නිතර නිතර යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. තම ඥාතීන් අතර ප්‍රධාන වේ.
අධ්‍යාපනික ක්‍රියාවන්ගෙන් ජයලබයි. නමුත් තරමක් අලසගති මතුකරයි. එය ජයට හානියකි. උත්සාහයෙන් ජයගත හැකි විදෙස් ගතවීම් සඳහා අවශ්‍ය සාධක යොමුවෙයි. උගතුන්ගෙන් වියතුන්ගෙන් උදව් උපකාර ලබයි.
ආගමික ශක්තිය වැඩිවේ. තම අරමුණු ජයගනී. විරුද්ධවාදීන් පරාජය වෙයි. කතාවේදී නිතර දෙවරක් සිතා බැලීම ද මැනවි. යාන වාහන ලාභ ලබයි. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියා යෙදේ.
සිරසගත රෝග, උගුරේ අමාරු මතුකරයි. දණහිස් රෝග ද මතුකරයි. මුත්‍රා ආසාදන, අශ්මරි වැනි රෝගවලට හේතුයි.
ශුභ වර්ණය: කොළ, කහ, ජය අංකය: 03, 06
පවතින පීඩා ජය ගැනීම සඳහා, ශ්‍රමණ බමුණන්ට පුද පූජා පැවැත්වීම, පුළන්නන් උදෙසා භාණ්ඩ ආහාර දානය වශයෙන් දීම, මහා විෂ්ණු දෙවිඳුට පින් දී පූජා පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.
ලග්නාධිපති සිකුරු රාහු, ශනි සහ බුධ සමග 6 වැන්නේ ද රවි 7 වැන්න සහ ගුරු 8 වැන්නේ ද කුජ 10 වැන්න ද කේතු 12 වැන්න ද සඳු ලග්න ගතව ගෝචර මෙම වසර ශුභයි.
රැකියා ලාභ ලබයි. උසස් වීම්ද ලබයි. සතුරු බලපෑම් ද මතු කරයි. කුමන අයුරින් හෝ ධන වාසනාව මතු කරයි. එමෙන්ම වැයපස ද ඉහළ යයි. දුර දිග බලා වැඩ කළ යුතුය.
විවාහ දිවිය ශුභයි. නමුත් අඹු-සැමි අතර සමීපතාව තරමක් දුරස්ථවේ. අන් අයගේ රැවටිලිවලට හසුවේ. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමෙන් ව්‍යාපාර තුළින් ජයගත හැක. ප්‍රේම සබඳතා වර්ධනය වේ. අවිවාහක නම් විවාහ යෝග උදාවෙයි. දේපළ පිළිබඳ ගැටලුවකට හේතුයි. දුර දිග බලා ක්‍රියා කළ යුතුයි.
අධ්‍යාපනයට හොඳයි. තරගතුරඟ ජය ලබයි. අලුත් දේ ඉගෙනීමට ලැබේ. තම ළඟම ඥාතියකු නිසා වැය ඉහළයි. උත්සව සාද නිතර යෙදෙන අතර නවක මිතුදම් ඇති වෙයි. ආභරණ විලාසිතාවලට වැය ඉහළයි. ඍජු ගුණයෙන් ක්‍රියා කර බාධා ජයගත හැක.
සන්ධි ප්‍රදාහ රෝග, වාතාධික රෝග මතු කරයි. ස්නායු ආබාධ මතු කරයි. මේහ රෝගවලට හේතුයි. ආහාර විෂවීම්වලට හේතුයි.
ශුභ වර්ණය: සුදු, කහ, ජය අංකය: 07, 08
පවතින පීඩා ජය ගැනීමට, ශ්‍රමණ බමුණන්ට ගෞරවය, පුද පූජා පැවැත්වීම. පුළන්නන් උදෙසා දාන මානාදිය දීම. වයසට ගිය මව්වරුන්ට සෙත්පතා ආහාර, වියළි ද්‍රව්‍ය ආදිය් දීම මැනවි. සත්පත්තිනි දෙවඟනට පූජා දී ආශිර්වාද ඉල්ලා ගනු මැනවි.
ලග්නාධිපති කුජ 9 වැන්නේ ද කේතු 11 වැන්න සහ සඳු 12 වැන්නේ ද රාහු, සිකුරු, බුධ සහ ශනි සමග 5 වැන්නේ ද රවි 6 වැන්නේ ද ගුරු 7 වැන්න ගෝචර මෙම වසර මධ්‍ය ඵල සහිතයි.
රැකී රක්ෂාවලින් ජය දෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවේ. ධන ලාභ ලබයි. රැකියාවෙන් මෙන්ම ව්‍යාපාරයෙන් උපයන මුදල් වැය වන අතර භූමි ලාභ ද ගෙන දෙයි.
ගෘහ ජීවිතය හොඳයි. නමුත් රැවටිලිවලට හසුවීම තරමක් මනසට අවිවේකයකි. ගන්නා තීන්දු තීරණ උපදෙස් මත කිරීම ශුභයි. තම ඥාතින්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළ යයි. අවිවාහකයන්ට මංගල සීනු නාදවෙයි.
දුරදිග නොබලා ක්‍රියා කිරීමෙන් බාධා එල්ල වෙයි. පුරුෂයන්ට ස්ත්‍රීන්ගෙන් ද ස්ත්‍රීන්ට පුරුෂයන්ගෙන් ද ලාභ ප්‍රයෝජන ලැබේ. තව ද අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. සෞන්දර්ය කටයුතුවලින් ජය ලබයි. පදිංචියේ වෙනසකට හේතුයි. නව නිවාස ලාභ හෝ ඉදිකිරීම්වලට හේතුයි. උත්සව සාද වරින් වර යෙදේ.
තරමක් ශරීර ශක්තිය හීන වේ. අත පය හිරිවැටීම්, වේදනා වැනි දේට හේතුයි. සුළුවෙන් හෝ ශල්‍යකර්මවලට භාජනය වීමට ඉඩ තිබේ.
ශුභ වර්ණය: දුඹුරු, රතු, ජය අංකය: 05, 08
පවතින දෝෂ සමනයට, ශ්‍රමණ බමුණන් උදෙසා උපාසක උපාසිකාවන් උදෙසා දාන මානාදී පැවැත්වීම. මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම. ස්කන්ධ කුමාර, ගණපති පූජා පවත්වා පින් අනුමෝදන් කිරීම ශුභයි.
ලග්නාධිපති ගුරු 06 වැන්නේ ද කුජ 08 වැන්න කේතු 10 වැන්න සහ සඳු 11 වැන්නේ ද රාහු, ශනි, බුධ සහ සිකුරු සංයෝගව 4 වැන්නේ ද රවි 05 වැන්න ගෝචර මෙම වසර ශුභයි.
උත්සාහයෙන් කරන රැකියාවන් ගෙන් ජය ලබයි. ධනය රැස්වෙයි. දියුණු මාර්ග සඳහා අවශ්‍ය සාධක පහළ වෙයි. නමුත් වැයපස ද අධික වෙයි. අමතර ලාභ ලැබීම් ඇති වෙයි.
ගෘහ ජීවිතය ශුභයි. නව අත්දැකීම් ඇති වෙයි. යුගදිවි සතුට, සාමය පවතී. අවිවාහක අයට මංගල යෝග උදාවෙයි. නව නිවසක් සෑදීමේ අවස්ථා යෙදේ. රැවටිලිවලට හසු වේ. නැති වැරදි ඇති කර තරමක් අසීරුවට පත් කරයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට තරමක් බාධා ගෙනදෙයි. උනන්දුවෙන් ජයගත හැක. විදෙස් ගතවීම්වලට වසර ශුභයි. අන් අයගේ උදව් උපකාර සඳහා පිහිට වෙයි. ආගමානුකූල ක්‍රියා යෙදෙන අතර තම ඥාතින් දහමට යොමු කරවයි. තම ක්‍රියාකාරකම් සඳහා හොඳ මිතුරන්ගෙන් උදව් උපකාර ද ලබයි. යාන වාහන ගැනීමට හෝ විකිණීමට හේතුයි. නව නිවාස ඉදිකිරීමට හේතුයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදෙන වසරකි.
සිරසගත රෝග, නේත්‍ර රෝග මතු කරයි. උදර රෝග, හෘද රෝග මතු කරයි. සන්ධි පාද ආබාධ ගෙන දෙයි.
ශුභ වර්ණය: කහ, දම්, ජය අංකය: 03, 06
පවතින බාධා සමනයට, දාන මානාදි කුසල කර්මවල යෙදීම, ශ්‍රමණ බමුණන් පිදීම, සිරගත සතුන් නිදහස් කර හැරීම, ගණපති, ඊශ්වර දෙවිඳුන් උදෙසා පුද පූජා පවත්වා සෙත් ලැබීම මැනවි.
ලග්නාධිපති සෙනසුරු, රාහු, බුධ සහ සිකුරු සමග 03 වැන්නේ ද රවි 4 ද ගුරු 05 වැන්නේ ද කුජ 7 වැන්න ද කේතු 09 සහ සඳු 10 වැන්න ගෝචර මෙම වසර ශුභයි.
රැකී රක්ෂා ලාභ දෙයි. ආදායම් වැඩි වෙයි. අමතර ක්‍රියාවන්ගෙන් ධනය ලබයි. හදිසි ලාභ වැනි දේවලට ද හේතුයි. උසස් වීම් නිලතල ලබයි.
ගෘහ ජීවිතය ශුභයි. උගතුන් වියතුන් ඇසුරට එක්වෙයි. විදෙස් ගමන්, විදෙස් රැකියා ලාභ ලබයි. අලංකාර දේ සඳහා වැය ඉහළයි. ප්‍රේම සබඳතා, රහස් සබඳතා ඇතිවෙයි. ප්‍රීති උත්සව සාද යෙදේ. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. විවාහ ප්‍රමාද වූවන්ගේ මංගල සීනු නාදවෙයි.
බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජයගෙන දෙයි. සෞන්දර්ය ක්‍රියාවන්ගෙන් ප්‍රසාදය ලබයි. ඇසුරු කරන්නන් නිසා අවනම්බු, අපවාදවලට හේතු මතුකරයි. ඉඩකඩම් ලාභ ලබයි. ස්ථිර පදිංචි ඇතිවෙයි. නව නිවාස සෑදීමට හේතුයි. ආගමට දහමට ළැදිව ක්‍රියා කරයි. ආධ්‍යාත්මික ගුණවගාවන් වර්ධනය වෙයි. තරමක් රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ.
ශල්‍යකර්ම කරවන රෝග මතු කරයි. වාතාධික රෝග, ස්නායු රෝග ද මතු කරයි. උදරාබාධ, අර්ශස් රෝග, මධුමේහ රෝග දේ.
ශුභ වර්ණය: දම්, තැඹිලි, ජය අංකය: 02, 08
පවතින පීඩා දුරු කරගැනීමට, පහත පූජා විධි අනුගමනය මැනවි. ශ්‍රමණ බමුණන්ට දාන මානාදිය දීම ද මරණයට කැප වූ සතුන් නිදහස් කිරීම ද මහා විෂ්ණු දෙවි, බ්‍රහ්ම දෙවි වන්දනා කර ලෞකික සැප ඉල්ලා සිටින්න.
ලග්නාධිපති ශනි, රාහු, බුධ, සිකුරු සංයෝගව 2 වැන්නේ ද රවි 3 වැන්න සහ ගුරු 4 වැන්නේ ද කුජ 6 වැන්න කේතු 8 වැන්න සහ සඳු 9 වැන්න ගෝචර මෙම වසර ශුභයි.
ආදායම් මාර්ග යහපත් වෙයි. රැකියා ස්ථානවල පැවති බාධා තරමක් ඉවත් වෙයි. උසස්වීම්, නිලතල ලාභ ද ලබයි. විවිධ ක්‍රමවලින් ධන සම්පත් ලාභ ලබයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.
ගෘහ ජීවිතය ශුභයි. අඹු-සැමි දුරස්ථතා ඉවත් වෙයි. දෙදෙනාට දෙදෙනා අවබෝධයෙන් ඉදිරියට යයි. දරුවන් නිසා සතුටු වෙයි. විදෙස් ගමන්, විදෙස් රැකියා ලාභ දෙයි. බොහෝකොට සිත ප්‍රීතියෙන් ගත කිරීමේ ශක්තිය ඇති වෙයි. පදිංචියේ වෙනසකට හේතුයි. එය ඉදිරි යහපතකි. අවිවාහකයන්ට ශුභ ඵල දෙන වසරකි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ද තම අරමුණු ජයදෙන වසරකි. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවේ. ප්‍රතිඵල ශුභයි. දහමට ළැදිව ක්‍රියා කරන අතර භූමි ලාභ සම්පත් ගෙනදෙයි. ඇසුරු කරන්නන් නිසා තම නමට කැළැල් ඇතිවීමට ඉඩ තිබේ. ප්‍රවේශමෙන්. නව නිවාස ලාභ, ඉඩකඩම් ලාභ ගෙනදෙන වසරකි.
කලක් මනසට වධ දුන් රෝග ධමනය වේ. ලේ හිඟවීම් වැනි රෝග සුව අතට යෙදේ. සෙම්කෝප කරන රෝග, පෙණහලු රෝග මතු කිරීමට ඉඩ තිබේ. වාත රෝග මතු කරයි.
ශුභ වර්ණය: නිල්, කහ, ජය අංකය: 02, 05
දෝස සමනයට, ශ්‍රමණ බඹුණන් උදෙසා ගෞරව සම්මාන පිදීම, දාන මානාදි කුසලවල පිහිටීම, ගැබ්බර මාතාවන් උදෙසා දානමාන දීම, මරණයට කැප සතුන් මුදාහැරීම, මහා විෂ්ණු, ලක්ෂ්මි දේව පූජා පවත්වා ආශිර්වාද ලබාගැනීම යහපති.
ලග්නාධිපති 03 වැන්නේ ද කුජ 05 වැන්න සහ කේතු 7 වැන්නේ ද සඳු 8 වැන්නේ ද සිකුරු, බුධ, ශනි, රාහු සමග ලග්නගතව ද රවි 2 වැන්න ගෝචර මෙම වසර ශුභාශුභ ඵල දෙයි.
මිල මුදල් අතින් පොහොසත් වෙයි. රැකියා ස්ථානවල තරමක බාධා මතු කරයි. උත්සාහයෙන් ජය ගත හැක. තම ව්‍යාපාරවල නියැළී වෙහෙසව ජය ගත හැක. තරමක් ආදායම මෙන්ම වැයපස ද ඉහළ යන වසරකි. බුද්ධි පාලනය මැනවි.
ගෘහ ජීවිතය ශුභයි. අඹු-සැමි දුරස්ථභාව ඉවත්වෙයි. සමීප සබඳතා වර්ධනය වෙයි. විදෙස්ගතවීම් සඳහා ශුභයි. විදෙස් රැකියා ලාභ ලබයි. අවිවාහකයන්ට ශුභයි. මංගල යෝග උදාවේ. තම ඥාති මිත්‍රාදින්ගෙන් උදව් උපකාර ද ලබයි. ප්‍රීති උත්සව සාද යෙදේ. ස්ථාන මාරුවීම්වලට හේතුයි. මනසට පීඩා දුන් සතුරු බලපෑම් ඉවත් වෙයි.
අධ්‍යාපනයට හොඳයි. තරගතුරඟාදිය ජයගනී. ශාස්ත්‍රීය කටයුතු සහ උසස් පාඨමාලා හැදෑරීමට අවස්ථා ලබයි. නව නිර්මාණකරණ සඳහා ශුභයි. ප්‍රීති උත්සව සාද යෙදේ. රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. දහමට ළැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් උත්සව සංවිධානයට ද හේතුයි. හදිසි ධන ලාභ ලබයි. වැය ද ඉහළ යයි.
සිරසගත රෝග මතු කරයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි. මුත්‍රා ආසාදන මතු කරයි. අශ්මරි රෝග, මධුමේහ රෝග මතු කරයි.
ශුභ වර්ණය: කහ, තැඹිලි, ජය අංකය: 03, 09
පවතින බාධා දුරුකර ගැනීමට, පහත පූජා විධි මැනවි. වෙහෙර විහාර ප්‍රතිසංස්කරණ කිරීම්වලට හේතුයි. ශ්‍රමණ, බ්‍රාහ්මණාදි අයට දාන මානාදි ක්‍රියාවන්හි යෙදීම, ගිලනුන් සඳහා උපස්ථාන කිරීම, ඊශ්වර, බ්‍රහ්මණ ආදී දේව පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීම.
(උපුටා ගැනීමකි)
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:06
2025 අප්‍රේල් 12, පෙ.ව. 12:22
2025 අප්‍රේල් 12, පෙ.ව. 12:07
2025 අප්‍රේල් 11, පෙ.ව. 12:28
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25