hit counter

2024 දෙසැම්‍බර් මස 14 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:12



9/11 ප්‍රහාරය, ඩයනා කුමරියගේ මරණය සහ කර්කස් සබ්මැරීන ඛේදවාචකය ඇතුළු ඉතිහාසයේ බිහිසුණු සිදුවීම් ගැන අනාවැකි රැසක් කී බල්ගේරියානු අනාවැකිකාරිය, බාබා වැන්ගා ගැන ඔබත් අසා ඇතැයි විශ්වාස කරමි.

උපතින්ම දෑස් නොපෙනෙන ඇය මේ වන විට ජීවතුන් අතර නැති වුණත්, ඉදිරි වසර ගණනකට අනාවැකි පළ කර තිබීම විශේෂත්වයක්.

උපුටා ගැනීමක්

විශේෂයෙන්ම කොරෝනා උවදුර ගැනත් ඇය අනතුරු ඇඟවීමක් කර තිබුණා.

ඉතින් මේ කියන්න යන්නේ ඇය 2025 වසර පලකළ විශ්මිත අනාවැකි කිහිපයක් ගැන.

2025 වසර තුළදී යුරෝපය තුළ විශාල යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇත. මෙහිදී රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් තමන්ගේ ආධිපත්‍යය දරන අතර, බොහෝ අර්බුදවලින් ඔහුගේ ජයග්‍රහණය තහවුරු වනු ඇත.

සැබෑ ලෝක විනාශය 2025 වසරේදී ආරම්භ වීමට මාර්ගය සැකසෙනු ඇත. එනම් එම වසරේදී ඇරැඹෙන පෙරගමන 5079 වසර දක්වා ගතවන අතර, එතැනදී ලෝක විනාශය සම්පූර්ණයෙන්ම සිදුවනු ඇත.

මනුෂ්‍යයන්ගේ පැවැත්ම මුළුමනින්ම අවසාන වනු ඇතිය. 2025 වසරේදී පිටසක්වළ ජීවීන්ගේ පෘථිවියේ ආගමනයක් සිදුවිය හැකිය.

එසේම පෘථිවියේ ජීවීන් සමග පිටසක්වළ ජීවීන්ගේ සහසම්බන්ධයක් සිදුවීමට ඉඩ ඇත. මෙහිදී නව බලශක්ති ප්‍රභවයක් ඇතිවීමක්ද සිදුවිය හැකිය.

ලෝකය පුරා ඉතා භයානක ජල ගැලීම්, නියඟයන් සහ ලැව්ගිනි රැසක් ඇතිවිය හැකිය. පාරිසරික විනාශයන් රැසක් සිදුවනු ඇත. පෘථිවියේ දියුණු රසායනාගාරවල වැඩුණු මිනිස් අවයවවල දියුණුවක් ගැන 2025 වසරේදී පුරෝකථනය කළ හැකිය.

එමගින් මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ නැංවිය හැකි අතර, මිනිස් අවයව බද්ධ කිරීමේ හිඟය පියවාගත හැකිය. 2025 වසරේදී ලෝකය පුරා රටවල් රැසකදී ත්‍රස්තවාදී ප්‍රහාරයන් රැසක් සිදුවනු ඇත.

එහිදී ඉස්ලාමික ත්‍රස්ත බලවේග ප්‍රබල වනු ඇත. මෙලෙස 2025ට අදාළව ප්‍රකාශ කර ඇති ප්‍රධානතම අනාවැකි 7 මේ වනවිට ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත.

මෙහිදී එක් අනාවැකියකින් ඇය ප්‍රකාශ කර සිටින්නේ රුසියාවේ වත්මන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් 2025 වසර තුළදී යුරෝපය තුළ තම ආධිපත්‍යය පතුරුවා ගන්නා බලගතු තත්ත්වයකට පත්වන බවය.

මෙම අනාවැකිය මේ වනවිට විවිධ දේශපාලනික පාර්ශ්ව අතරෙහි මහත් කතාබහට ලක්ව ඇත්තේ එක්තරා විශේෂිත කරුණක් හේතුවෙනි.

එනම් මෙයට දින කිහිපයකට පෙරදී ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීම හේතුවෙනි. ඔහු ජනාධිපති ධුරයේ වැඩ භාරගන්නේ 2025 ජනවාරි 20 වැනිදාය.

මෙහිදී වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට වඩා හාත්පසින් වෙනස් ප්‍රතිපත්තියක් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන බව බොහෝ දෙනෙක් දනිති.

ඔහු ජනාධිපතිවරණයට පෙර සහ නව ජනාධිපති ලෙස පත්වීමෙන් පසුවද ලබාදුන් ප්‍රධානතම පොරොන්දුවක් වන්නේ දැනට වසර 3ක් පුරා සිදුකෙරෙන රුසියානු-යුක්රේන යුද්ධය නතර කිරීමය.

මෙය අතිශයින්ම අභියෝගාත්මක පොරොන්දුවකි. එසේ වන්නේ මෙම යුද්ධයට ප්‍රධාන වශයෙන්ම පැටලී සිටින පාලකයා වන්නේ ව්ලැඩ්මීර් පුටින් වන හෙයිනි.

ඔහුට එරෙහිව වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනෙක් පසින් පැටලී සිටින්නේ යුක්රේනයට සහාය දැක්වීමෙනි. මෙය අතිශයින්ම අර්බුදකාරී තත්ත්වයකි.

එහෙත් නව ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම යුද්ධය තදබල ලෙස ප්‍රතික්ෂේප කරන අතර, මෙයට පැය කිහිපයකට පෙර ආරංචි වූයේ ඔහු රුසියානු ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතාකර මෙම අර්බුදය ගැන අදහස් හුවමාරු කරගත් බවයි.

ජනාධිපතිවරුන් දෙදෙනාම මෙහිදී සුහදව අදහස් හුවමාරු කරගෙන ඇත. මෙය ලෝක දේශපාලනයේ අතිශය සුවිශේෂ සිදුවීමක් වන අතර, ඇමෙරිකාව සහ රුසියාව යනු ප්‍රධානතම ලෝක බලවතුන් දෙදෙනකුද වෙයි.

එසේම අනෙක් පසින් විරුද්ධවාදී අදහස් දරන රටවල් දෙකක් වෙයි. මෙවැනි වටපිටාවකදී මෙම ලිපියේ ඉහතින් සඳහන් කළ ලෝක ප්‍රකට අනාවැකිකාරිය වන බාබා වංගාගේ අනාවැකියට රුසියානු ජනාධිපතිවරයා යුරෝපයේ ආධිපත්‍යය පතුරුවා ගන්නේය යන ප්‍රකාශය අපගේ දෙනෙත් විවර කරවන පුවතකි.

කෙසේ වෙතත් පසුගිය වසර තුනක පමණ සිට රුසියානු ජනාධිපතිවරයා ලොව පුරා කතාබහට ලක්ව සිටින්නේ කුරිරු යුක්රේන යුද්ධය හෙයිනි.

ඒ අතරම ඔහු තවත් රටවල් කිහිපයක යුද්ධයන් සඳහාද ආධාර අනුබල ලබාදෙයි. එහෙත් මේ වනවිට ඔහුගේ පූර්ණ යුරෝපීය ආධිපත්‍යයක් දක්නට නැත.

විශාල යකඩ කුරුල්ලන් දෙදෙනකු ඇමෙරිකාවට පහර දෙන බව බාබා වංගා අනාවැකි ප්‍රකාශ කළාය. 2004 ඉන්දියන් සාගරයේ සිදුවූ විනාශකාරී සුනාමිය ගැන පුරෝකථනය කිරීම සහ එම අනාවැකිය සත්‍යයක් බවට පත්වීම.

මේ ආකාරයට මුළුමහත් ලෝකයම විස්මයට පත්කළ බාබා වංගා නමැති ගුප්ත විශේෂඥවරියගේ ඉදිරි 2025 වසරේ අනාවැකි ගැන අපි දෙනෙත් හැර බලා සිටිමු.

උපුටා ගැනීම අවසන්

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: