hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 4:19



පඬුවස්නුවර, බණ්ඩාරකොස්වත්ත උගුරැස්සගම වැව් පිටිය ප්‍රදේශයේ අලුත උපන් බිළිඳෙකු පොහොර උරයක ඔතා කැලෑබද ප්‍රදේශයක දමා ගොස් තිබිය දී සොයාගෙන තිබෙනවා.

ගවයන් බැඳීමට ගිය කාන්තාවක් දරුවෙකු අඬන හඩක් ඇසී බලන විට උරය තුළ සිටි බිළිඳා දැක තිබුණා.

ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ සෝදිසි කිරීමේදී ඊයේ අලුයම උපත ලැබූ පිරිමි බිළිඳෙකු කටගැට ගැසූ පොහොර උරය ඇතුළේ කෑගසමින් සිටිනු දකින්නට හැකිවූ බවත් බිළිඳා බිහි කිරීමෙන් පසු පිරිසුදු කිරීමක් කර නොමැති බව ත් ඒ අවස්ථාව වන විටත් දරුවාගේ පෙකනි වැලවත් කපා නොතිබුණු බවත් වාරියපොළ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තල්අත්ත මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ සම්බන්ධයෙන් ගම්වැසියන් වාරියපොළ පොලිස් ස්ථානය දැනුවත් කරන ලද අතර 1990 ගිලන් රථ සේවය මගින් අලුත උපන් බිළිඳා නිකවැරටිය රෝහල වෙත ඇතුළත් කරන ලද බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට බිලිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර කිසිදු රෝගී තත්ත්වයක් තවම වාර්තා වී නොමැති බවත් මේ වන විට අලුත උපන් බිළිඳෙකු අවශ්‍ය සියලු පහසුකම් නිකවැරටිය මූලික රෝහල මඟින් ලබා දෙන බව ත් ඔහු සඳහන් කළා.

දරුවාගේ මව විසින් මෙසේ දරුවා කැලෑ රොදකට විසි කරනු ලැබ ඇද්දැයි පොලිසිය සැක පළ කරයි.

අනතුරුව ගම්වාසීන් විසින් ගිලන් රථයකින් බිළිඳාව නිකවැරටිය රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

වාරියපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.