hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 29, පෙ.ව. 12:02



“අපි මුල ඉඳලා ඩොක්ටර් කෙනෙක් චැනල් කළා.. අපේ දරුවාට කිසිම අඩුපාඩුවක් නෑ කියලා ඩොක්ටත් කිව්වා..අපි දෙන්නා 2021 අවුරුද්දේ තමයි විවාහ වුණේ..” අවුරුදු තුනකින් පස්සේ ඒ දෙන්නාගේ ජීවිතයේ හීනයක් වෙනුවෙන් එළි රෑ නැතුව මඟ බලා සිටි ඒ ඔවුන් දෙදෙනා හැඬූ කඳුළින් කී කතාවයි.

මාතර නව දිස්ත්‍රික් රෝහලේ මතභේදයට තුඩුදුන් බිලිඳු මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුවයි.

මාතර වැලිගම පදිංචි කාවින්ද්‍යා මදුෂානි කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා පසුගිය 22 වැනිදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණු නමුත් ඇගේ බිලිඳා කුස තුළම මියගොස් ඇති බවට රෝහල් බලධාරීන් පවසා තිබුණා.

කෙසේවෙතත් බිලිඳාගේ සම්බන්ධයෙන් රෝහල පාර්ශ්වයෙන් පරස්පර ප්‍රකාශ නිකුත් වීම හා බිලිඳාගේ සිරුර ලබා නොදීම හේතුවෙන් මව්පියන් කොටවිල පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

ඒ අනුව බිලිඳාගේ බව පැවසෙන දේහය ඉදිරිපත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබූ අතර බිලිඳා එම මව්පියන්ගේම ද යන්න තහවුරු කරගැනීමේ DNA පරීක්ෂණ වාර්තාව සහ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුවයි..

ඒ අනුව එම පරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ බාහිර පුද්ගලයින්ගෙන් ද තොරතුරු ලබාගෙන තිබෙනවා.

මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලිසියෙන් ද විමර්ශනයක් ක්‍රියාත්මකයි.

දරු ප්‍රසූතිය දක්වාම කිසිදු ගැටලුවක් නොපැවතීම හේතුවෙන් සිය බිලිඳාට සිදු වූ දේ පිළිබඳව සත්‍යය දැනගැනීමට මව්පියන් දැඩි අපේක්ෂාවන් පසුවනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: