hit counter

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 26, පෙ.ව. 6:47



සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා.

හරිම ආදරණිය කපල් එකක්.

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා.

අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.

දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ.

දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ.

ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා.

ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ.

සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට.

කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ. 

මෙතෙක් ආ ගමන් මග තුළ සාරංගට සහ දිනක්ෂිට විවිධාකාරයේ කටකතාවන් සමාජය තුළින් ගොඩ නැගුණා.

නමුත් ඒ සියලුම දේට ඉතාමත් හොඳින් මුහුණ දෙමින් ඔවුන් දෙදෙනා මේ වෙද්දි ජීවිතය තුළ සාර්ථක වෙලා.

ඉතින් පසුගිය දවසක දිනක්ෂි හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා.

ඒ ඔවුන් දෙපළගේ චූටි දෝණි සාරන්‍යා සමග පියානෝ වාදනය කරන වීඩියෝවක්.

ඒ සඳහා ඔවුන්ගේ ආදරණියන් හරි අපූරු කමෙන්ට්ස් දාන්නත් අමතක කළේ නැහැ.