hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 05, ප.ව. 12:29



කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී එක වගේ මල් කැකුළු 6ක් මෙලොව එළිය දැකීම කාටත් සතුට දැනවූ සිදුවීමක් වුණා.

නමුත් අවාසනාවකට එහිදී එක් දරුවෙක් මිය ගියා අතර අනෙක් දරුවන් පස් දෙනා මේ වන තෙක්ම කාසල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

ඒ අනුව මාස 03කටත් වැඩි කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ මෙම බිළිඳුන් පස් දෙනා නිදහස් දිනය යෙදුණ අද දිනයේ මව්පියන් සමඟ සිය නිවස වෙත පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පස් නිවුන් දරුවන් සියල්ලන්ම ඉතාමත් හොඳ සෞඛ්‍ය මට්ටමක සිටින බවයි රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: