hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 30, ප.ව. 2:28



මේ දවස්වල ජනතාව ඉන්නේ ලොකු පීඩනයකින් කිව්වොත් නිවැරදියි.

ඒකට හොදම උදාහරණය තමයි පසුගියදා ඉන්ධන පෝලිම්වල සිටි වෛද්‍යවරුන්ට මිනිස්සු සලකපු විදිය.

ඔවුන් වෛද්‍යවරුන්ට කියා සිටියේ අපි පෝලිමේ ඉදලා තෙල් ගහ ගන්නවා නම් ඕගොල්ලනුත් පෝලිමේ ඉදලා තෙල් ගහ ගන්න කියලයි.

මේ විදියට කියන එක කොයි තරම් සාධාරණ අසාධාරණයද කියන එක තීරණය කරන්න ඕනේ ඔබ.

ඉතින් එවන් පසුබිමක සිකුරාදා දවස සෞඛ්‍ය අංශය වෙනුවෙන් වෙන් කළා.

නමුත් එහිදීත් විශාල ප්‍රශ්න රැසක් මතු වුණා.

ඒ හේතුවෙන් පණ අදින රෝගීන් දහස් ගණනක් ජීවිත ගැන බලාපොරොත්තු අත හැර ගන්න ඇති.

එවන් පසුබිමක හරි අපූරූ සිද්ධියක් බදුල්ලෙන් වාර්තා වෙනවා.

බදුල්ල මහ රෝහලේ ළමා, ශල්‍ය, පිළිකා, නාරි හා ප්‍රසව, ස්නායු, හෘද, විකලාංග යන රෝග පිළිබද විශේෂඥ වෛදවරු හා තවත් වෛද්‍යවරු පිරිසක් මේ දිනවල ඉන්ධන හිගයට පිළියමක් ලෙස පාපැදිවලින් රාජකාරියට පැමිණ තිබෙනවා.

ඒ වගේම තවත් වෛද්‍යවරු පිරිසක් පාගමනින් සේවයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

මේ අතර කුලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ද පාපැදියකින් සේවයට වාර්තා කර තිබීම හැමෝගෙම ඇගයීමට ලක් වුණා.