hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 27, ප.ව. 3:17



මීගමුවේ කුරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක රූමත් ගායිකාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත එම සංගීත කණ්ඩායේම සාමාජිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයකු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගත් බවයි ජාඇළ පොලිසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ජාඇළ තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගිටාර් වාදකයෙක් බවයි වාර්තා වෙන්නේ.

එම වාදක ශිල්පියා මෙම තරුණියට කායිකව මෙන්ම වාචිකව අතවර කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: