2024 මාර්තු 01, පෙ.ව. 12:02
කුඩා දරුවෙකු පන්ති කාමරයකදී හඬා වැටෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා ඔබ දකින්න ඇති.
බොහෝ දෙනෙක් සඳහන් කළේ ඒ තමන්ගේ දරුවා නම් ගුරුවරියට කරනා ඒ තමන් දන්නා බවයි.
තවත් පිරිසක් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය වල ඒ වීඩියෝව හුවමාරු කළා.
මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැවසුවේ අදාළ සිදුවීම රූගත කිරීම සිදු කළේ කවුරුන්ද යන්න සොයා බලා එය සිදුකර ඇත්තේ ගුරුවරයෙකු හෝ ගුරුවරියක නම් ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙම ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවිධ පළකිරීම් දකින්න ලැබෙනවා.
‘මම ශිෂ්‍යත්වෙ පාස්වෙල කොළඹ එන්නෙ හද්ද පිටිසර ඉස්කෝලෙක ඉදන් – ඒ එද්දි මගේ ඉංග්‍රීසි දැනුම සීරෝ – බිංදුවයි – හේතුව ගමේ ඉස්කෝලෙකට ඉංග්‍රීසි ගුරුවරයෙක් නොසිටීම සහ කුහක බන්ඩාරණායක ගොයියට පිංසිද්ද වෙන්න ගම්බද මිනිස්සු ඉංග්‍රීසි භාෂාව පර භාෂාවක් හැටියට නොසලකා හැරීම ‘
‘හයේ පංතියේ ඉංග්‍රීසි විශය ඉගැන්නුවේ සුරංගනී මිස් – ඉස්කෝලෙ හිටපු ලස්සනම ටීචර් ( සාමාන්‍යෙයන් ගොඩාක් ඉස්කෝලවල ඉංග්‍රීසි ගුරුවරියො ලස්සනයි ) – ශිෂ්‍යත්වෙන් ආපු ළමයිගේ දැනුම පරීක්ෂා කරන්න මිස් ළමයිගෙන් ප්‍රශ්න අහන් එනවා – මගෙන් ඇහුවෙ අවුරුද්දෙ මාස දොලහ – මම බිම බලාගෙන ජනුවර ෆෙබුරුවරි ගගා මිස්ගෙ මූන දිහා බලාන කොට මිස් සිරාවටම ලස්සන නිල් පාට ඇස් දෙක දෙසැරයක් පියෙව්වා – ඒක මට අදටත් මතකයි – මිස්ගෙ ඇස්වල තියෙන්න ඇත්තෙ අනුකම්පාවක් – මොකුත් නොකියා මිස් ඊළග ළමය දිහාට හැරුනා’
‘කතාව මේකයි – ළමයෙක් ඉස්කෝලෙ යන්නෙ ඉගෙන ගන්න – ඉගෙන ගන්න යන්නෙ තමන් කිසිවක් නොදන්න නිසා – ඉතින් ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තරේ නොදන්නව කියන්නෙ ඒක විඩියෝ කරල සමාජෙට දාන්න ඕනෙ දෙයක් නෙමෙයි – ඔන්න හාමුදුරු නමක් සිදුහත් කුමාරය ඉපදිච්චි තැන දන්නෑ කිව්වනම් වීඩියෝ කරල අට පට්ටමේ දැම්මත් කමක් නෑ – දැන් ඉතින් ටීවර් කළාප කාර්යාල ගානෙ ගාටන්න එපායැ – අන්තිමට ටීචරුත් පව් ළමයිත් පව් — දෙන්නම පව්‘
‘ඒක නිසා මම හිතන්නෙ සිද්ධාර්ථ ඉපදුනේ කොහෙද කියන එක ළමයෙක් මතක තියාගන්න ඕන නෑ .. ඒවා පොතකින් හොයාගන්න පුලුවන් ඕනෙ නම්…ලමයින්ගෙ මනස ඉතිහාසයයි ආගමික කතායි පුරවලා උන්ගෙ හිතන්න තියන මනස විනාස කරන්නෙ නැතුව ඒ මනස නිදහසේ හිස්ව තියෙන්න ඇරියානම් තමා හිතලා දෙයක් කරන්ඩ පුලුවන් දක්ශයො බුද්ධිමතුන් බිහි වෙන්නෙ හෙට දවසට‘
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:07
2025 මැයි 12, පෙ.ව. 12:04
2025 මැයි 11, ප.ව. 4:39
2025 මැයි 11, ප.ව. 3:42
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25